මෙරට ඉතිහාසයේ පළමු වතාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් කෝටි 75ක් මහා භාණ්ඩාගාරයට උපයා දී තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයම දැවැන්ත ආර්ථික අභියෝගයන්ට ලක්ව තිබියදීත් මින් පෙර මහා භාණ්ඩාගාරයට ආදායම් උපදවා නොදුන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පසුගිය කාලසීමාව තුළ මේ නිසා රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් උපයා දීමට සමත් වෙනවා.
ඔවුන් මෙලෙස මුදල් උපයා ගෙන ඇත්තේ, රජය සතු ඉඩම් දිගුකාලීන බදු ක්‍රමය යටතේ පවරා දීමෙන් ලද බදු ආදායමෙන් සහ ඉඩම් විකිණීමෙන් ලද ආදායම් වලින්.
එමෙන්ම කොමිෂන් සභාව මගින් අලුතින් ක්‍රියාත්මක කළ ඔප්පුව ගෙදරටම ජාතික වැඩසටහන හරහා වසර ගණනාවක් තම ඉඩම් අයිතිය නොමැතිකමින් දුක් විඳි ජනතාවටද සහනයක් සැලසී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපතිවරයාගේ වස විසෙන් තොර කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය කාරණාවක් වූ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ද ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමත් වී තිබෙනවා.
ඒ, ඉඩම් අමාත්‍ය එස් .එම් . චන්ද්‍රසේනගේ හා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහගේ මග පෙන්වීම යටතේයි.
එම ව්‍යාපෘතිය වෙනුවෙන් ද තවත් රුපියල් මිලියන 350ක මුදලක් ඉඩම් අමාත්‍යාංශය වෙත ලබා දීමටත් ඔවුන් සමත් වෙනවා.