මාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
වැසිකිළියක සැඟවී සිටින ප්රජාතන්ත්රවාදය නොහඳුන පිරසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බව ඔහු පැවැසීය.
අසූචි ප්‍රහාරයෙන් වහනය වන්නේ කුණුවූ සමාජයක කුණුවූ දුර්ගන්ධයක් බව ඔහු පැවැසීය.
කැබීනට් තීරණ දැනුම් දීීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමන් ඔහු මේ බව පැවැසීය.
මේ අතර නිවසට එල්ලවූ ප්‍රහාරය සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු චමුදිත සමරවික්‍රම මහතා,
“අවස්ථා කිහිපයක දී දුරකථන මාර්ගයෙන් සිදුවු තර්ජනයන් ගැන හෙළි කරලා තිබුණා. නමුත් මේ මට්ටමේ සිදුවීමක් ඇති වෙච්ච පළමු අවස්ථාව.
මම නිරන්තරයෙන් පෙනී සිටියේ නිදහස් මාධ්‍ය වෙනුවෙන් සහ රටේ තැන් තැන්වල සිදුවන දුෂණ හා අක්‍රමිකතා හෙළි කිරීම උදෙසා නමුත් මෙවැන්නක් එල්ල වුණේ ඇයි. මොකද්ද බලාපොරොත්තුව අපේ හඬ නතර කරන්නද, නිහඬ කරන්නද කියන කාරණය ගැන අවබෝධයක් නෑ. කවුද ප්‍රහාරය එල්ල කරේද යන්න ගැන අදහසක් නෑ.
නමුත් කවුරුන් හෝ බලාපොරොත්තු වුණා නම් ඒ කරගෙන ආ කටයුත්ත නිහඬ කරන්න, ඒ මාධ්‍ය මෙහෙවර නිහඬ කරලා හඬ යටපත් කරන්න. ඒක කිසිසේත් සිදුවෙන්නේ නැති බව පණිවුඩයක් ලෙස දෙන්න කැමතියි.”
මේ අතර නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා පවසා සිටියේ, “ඇවිල්ලා ගේට්ටුව සද්ද කරනවා ඇහුණා මට. මම ළඟට ගියා. මට වචනයක්වත් කතා කරන්න හම්බ වුණේ නෑ. ඒ ආව එක්කෙනෙක් ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිල්ලා මගේ බෙල්ලෙන් අල්ල ගත්තා.
පිස්තෝලේ පෙන්නලා ඇතුළ ට අරන් ගිහින් පුටුවේ වාඩි කරා. මගේ ගාඩ් එකට එක්කෙනෙක් තියලා තුන්දෙනෙක් තමා දැක්කේ එයාලා මේ පැත්තට ආවා.” යනුවෙනි
Chamuditha Samarawickrama