Home Local මේ වසරේ අග ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය මෙන්න.

මේ වසරේ අග ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය මෙන්න.

22
0

මේ වසරේ අග භාගය වනවිට ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියන 7ක විදෙස් ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති අතර 2023 සහ 2026 වර්ෂ අතර ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තරයට ගෙවිය යුතු මුළු ණය වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 25 කට අධිකය.

පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී මෙරට ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරී රයිස් කියා සිටියේ, ශ්‍රී ලංකාව පැහැදිලිවම දිනෙන් දින වැඩිවන ආර්ථික ගැටලු කරා මුහුණ දෙමින් සිටින රාජ්‍යයක් බවයි.

ඔහු අවධාරණය කරන්නේ, දිනෙන් දින උග්‍ර වන ආර්ථික ගැටළු විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන විශ්වසනීය උපායමාර්ගයක් ‍ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බවයි.

එමෙන්ම තමන්ට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවයි ජෙරී රයිස් එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

“නමුත් ශ්‍රී ලංකාව සඳහා ඇති සියලු විකල්ප සාකච්ඡා කිරීමට අපි සූදානම් බව මට ඔබට පැවසිය හැකිය”යනුවෙන් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here