Home Local ශ්‍රී ලංකාවේ අවසානය අත ලඟද? ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ අවසානය අත ලඟද? ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි.

51
0

ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරන පාලනයකින් තොර මුදල් මුද්‍රණය හේතුවෙන් මෙරට “අතිධාවන උද්ධමනයකට” මුහුණදී ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

ඔවුන් අවධාරණය කරන්නේ, මෙම මුදල් මුද්‍රණය පාලනයට පියවර නොගත හොත් නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාව තුළ “ජවන උද්ධමනකාරී” තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.

දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්‘ මේ වන විට රට තුල පවතින බවත් උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය‘ ක් බවට පත් වන බවයි ආර්ථික විශේෂඥයින් වැඩිදුරටත් කියා සිටින්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 පෙබරවාරි 28 සිට මාර්තු 18 දක්වා රු. මිලියන 188,610 ක් මුද්‍රණය කර ඇති අතර එය සාමාන්‍යයෙන් සෑම දවසකටම රු. ලක්ෂ 9,9268 ක් බැගින් අච්චු ගැසීමක්.

මෙම තත්ත්වය සාධාරණීකරණය කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් වරින් වර මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ මුදල් මුද්‍රණය හරහා බඩු මිල වැඩි නොවන බවයි.

කෙසේ වෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති තනතුරට පත්වීමෙන් පසු පමණක් රු. ලක්ෂ 4,156,100 ක් මුදලක් මුද්‍රණය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (18) මුද්‍රණය කළ රු. ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 21 දක්වා) මුද්‍රණය කර ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 1,625,240) ක්.

එය 1952 වසරේ සිට 2020 දක්වා වසර 62 ක් තුල සියලු රජයන් මුද්‍රණය කළ මුදල මෙන් 23 ගුණයක්.

මේ වන විට ශ්‍රී ලංකාව 1980 දශකයේ ආජන්ටිනාව, බ්‍රසීලය ආදී රටවල දක්නට ලැබුණු ආකාරයේ ‘අතිධාවන උද්ධමනයකට‘ මුහුන දෙමින් සිටින බවත් ඉන්දුනීසියාව, සිම්බාබ්බේ රාජ්‍යයන් හි මුල්‍ය අර්බුදයේ මුලික ස්වරූපය ලංකාවේ මේ වන විට දකින්නට ඇති බවයි ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

නව ආණ්ඩුව බලයට පත්වූ විගස සිදුකළ බදු අයකිරීමේ ක්‍රමවේදයේ වෙනස හරහා රටේ ඉහළම පෙළේ ව්‍යාපාරික පැලැන්තියට ඉතා විශාල ප්‍රමාණයේ බදු සහනයක් හිමි වූ අතර ඒ හරහා රජයට අහිමිව ගිය ආදායම බිලියන ගණනාවක්.

මේ හේතුවෙන් රටේ ප්‍රමුඛතම දේශීය ආදායම් මාර්ගයක් බිඳ වැටුණු අතර ඒ හරහා මහ බැංකුවේ මුදල් ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත් වැටීම ද සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here