සිය සමාගම සතුව පවතින ගෑස් තොග අද දිනයේදී අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.
එම සමගම පවසන්නේ, අද දිනය තුළ කොළඹ වරාය ආසන්නයට පැමිණ ඇති ගෑස් තොග රැගත් නෞකාවට මුදල් ගෙවීමට නොහැකි වුවහොත් නැවතත් රට තුළ ගෑස් හිඟයක් ඇති වන බවයි.
සාමාන්‍යයෙන් මාසකට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ විස්සක් (2,000,000) පමණ අවශ්‍ය වුවද මාර්තු මාසයේ මේ දක්වා ලැබී ඇත්තේ ගෑස් සිලින්ඩර ලක්ෂ හතරක් (400,000) පමණක් බවත් එම සමාගමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.
එමෙන්ම සාමාන්‍යයෙන් දින තුනකට වරක් ගෑස් තොග රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන අතර එලෙස මාසයකට පැමිණෙන ගෑස් සහිත නෞකා සංඛ්‍යාව 10ක්.