ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු( IDD ) ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ඔවුන් පවසන්නේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් IDD ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බවට අදාළ දුරකථන සමාගම් විසින් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව, ඩොලරයේ වෙනස්වීම අනුව IDD ගාස්තු ඉහළ නැංවීමට අදාළ සමාගම් වෙත බලය පවරා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියේ.
නමුත් දේශීය ඇමතුම් ගාස්තු ඉහළ නැංවීමක් සිදුනොවන බව එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළා.