හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රි ලංකාවේ නව අමෙරිකනු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර අද (21) සාකච්ඡාවක් පැවතුණා.
ඒ කොළඹ කොල්ලුපිටියේ පිහිටි, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදී.
එහිදී, ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
තානාපතිනි එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ශ්‍රි ලංකාවේ ඇති හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රි ලංකාවට එකට ක්‍රියාකළ හැකි ක්‍රම පිළිබඳවයි.
එමෙන්ම යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් විරුද්ධ මතවාද සඳහාද ඉඩක් තිබිය යුතු බව ද ඇය සඳහන් කර තිබෙනවා.