ශ්‍රී ලංකාව චීනයෙන් ණය ආධාර ඉල්ලා තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිලි කරනු ලැබුවා.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් හා භාණ්ඩ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ඉල්ලා ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.
ඒ අනුව චීනය විසින් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් සිටින බවයි චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.