විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඩොලර් හිගය හේතුවෙන්.
එලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය.
මේවා ලබන 31 වැනිදා සිට වසා දැමීමට නියමිතයි.
එම රටවල වසාදමන කාර්යාලවල රාජතාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ආසන්නයේ පිහිටි රටවල තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල වෙත පැවරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.