ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගේ විරෝධයක් මතු වී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්රකාශ කරනවා.
ඔහු පවසන්නේ, තමන් ඉන්ධන පිරවුම්හලවලට ගොස් එහි ඇති ප්රශ්න පිළිබඳව සොයා බලා ඇති බවත් තව දින දෙකකින් පමණ ජනතාවගේ ඉන්ධන ගැටලු විසඳීමට කටයුතු කරන බවත්ය.
දැනට පවතින ඉන්ධන හිගයද ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම සභාපති සුමිත් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේ, පවතින ඉන්ධන හිගයටද හේතුව වන්නේ ජනතාව කෑන් වලට ඉන්ධන එකතු කිරීම බවයි.