Home Local දුම්රිය ගාස්තුත් ඉහළ නගී.

දුම්රිය ගාස්තුත් ඉහළ නගී.

19
0

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ නගරාන්තර දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු ඉහළ දමා තිබෙනවා.

එහිදී දුර අනුව අදාළ සංශෝධන වෙනස් වන බවයි දුම්රිය දොර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා පළමුවන පන්තියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 1000ක්.

මීට අමතරව, දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුන්වන පන්තියේ ගාස්තුව ද රුපියල් 300යි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, රට තුළ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් අදාළ දුම්රිය ගාස්තු ඉහළ දැමූ බවයි.

පසුගිය සතියේ දී බස් රථ මගී ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඉහළ දැමුණේ අවම බස් ගාස්තුව රුපියල් 03කින් ඉහළ නංවමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here