දිනකට පැය 6 හමාරක් වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය 10ක් විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.
ඒ, දැවිතෙල් සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්ර ලෙස පහත බැසීම හේතුවෙන්.
මේ වන විටත් දැවිතෙල් නොමැතිකම හේතුවෙන් කෙරවළපිටිය තාප බලාගාරයේ විදුලි උත්පාදනය නවතා දමා තිබෙනවා.
එමනේම පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් එළඹෙන අලුත් අවුරුදු සමය වන විට දෛනික විදුලි කප්පාදුව තවදුරටත් වැඩි කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනවා.
ජාතික විදුලිබල පද්ධතියට විශාල දායකත්වයක් ලබාදෙන ජල විදුලි බලාගාර ආශ්රිත ප්රධාන ජලාශ වල ජල මට්ටම ශීඝ්රයෙන් පහත වැටී වැටී තිබීම මත මෙම තත්වය ඇතිවී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවොත් දෛනික විදුලි සැපයීමට ද දැඩි බාධාවක් වන බවයි.