Home Local අමාත්‍යවරුන්ගේ ගමන් වලට හෙළිකොප්ටර් සහ ගුවන් යානා ලබාදීම නවතියි.

අමාත්‍යවරුන්ගේ ගමන් වලට හෙළිකොප්ටර් සහ ගුවන් යානා ලබාදීම නවතියි.

23
0

රටේ විවිධ ස්ථානවලට ගමන් කිරීම සඳහා අමාත්‍යවරුන් ගුවන් හමුදාව සතු හෙළිකොප්ටර හෝ ගුවන් යානා භාවිතයට ගැනෙනවා.

නමුත් මින්පසුව, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ කැබිනට් අමාත්‍යවරුන්ට විශේෂ අවසරයකින් තොරව හෙළිකොප්ටර හෝ ගුවන් යානා ලබාදීම නතර කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කර තිබෙනවා.

ඒ, පවතින ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙනයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදේශීය රාජතාන්ත්‍රිකයන් ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබාදීමට බැඳී සිටින බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පවසන්නේ.

එමෙන්ම හිටපු මැති ඇමතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ගුවන් හමුදාවට රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නොමැති බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here