Home Local විදුලි කප්පාදු කිරීමේ කාලසටහනේ වෙනසක්.

විදුලි කප්පාදු කිරීමේ කාලසටහනේ වෙනසක්.

81
0

අද (27) දිනයේ අමතර පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

ඒ, සති අන්තයේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත අයුරින් ඉහළ යෑම හේතුවෙන්.

P සිට W දක්වා කලාප සඳහා අද දිනයේ පැය 2ක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම මීට පෙර නිවේදනය කළා.

කෙසේ වෙතත් විදුලි ඉල්ලුමේ ඉහළයාමත් සමඟ අද උදෑසන 9 සිට රාත්‍රී 11 දක්වා P සිට W දක්වාකලාපයන්ට පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

A සිට L දක්වා කලාප සඳහා අද දිනයේ මීට පෙර සැලසුම් කළ පරිදි පැය 3යි මිනිත්තු 30ක කාලයක් අද උදෑසන 08.30 සිට රාත්‍රි 10.30 දක්වා විදුලිය කප්පාදු කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here