මෙරටින් පලාගිය මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ සැකකරුවන් 132කුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව එම සැකකරුවන් මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය වසරේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී සැකකරුවන් 95,000 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අජිත් රෝහණ මහතා කියා සිටියේ, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,630 ක්, ගංජා කිලෝග්‍රෑම් 15,000 ක් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,377 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.