ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට මෙරට ප්රධාන රාජ්ය බැංකුවක් විසින් කටයුතු කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ ගිණුම් වල ප්රමාණවත් මුදල් නැති වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එම මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියා.
ඒ හේතුවෙන්, බැංකුව විසින් තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැංකු අයිරා නිකුත් කිරීම නවතා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ මුදල් කළමනාකරුවා විසින් තවදුරටත් එම බැංකුවට චෙක්පත් යැවීම සිදු නොකරන ලෙස මණ්ඩලයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
දැනටමත් එම රාජ්ය බැංකුව විසින් ලබාදිය හැකි උපරිම ණය මුදල් ප්රමාණය වන රුපියල් බිලියන 12 ඉක්මවා රුපියල් බිලියන 28 ක ණය මුදලක් ලංවිමට ලබාදී ඇති බවත් සඳහන්.