Home Local ඛනිජ තෙල් සේවකයින්ට ඇමති කංචනගෙන් රතු එළියක් News Room

ඛනිජ තෙල් සේවකයින්ට ඇමති කංචනගෙන් රතු එළියක් News Room

1
0


ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉකුත් මාස 6 තුළ ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බව ය.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (ඔක්. 18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර ඊට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

Petrolieum services has been declared as an essential services for the last 6 months. If any employee or trade union is found breaching the essential services regulations & disrupting services, immediate legal & disciplinary action will be taken against them. pic.twitter.com/Rkhg0eznHA— Kanchana Wijesekera (@kanchana_wij) October 17, 2022

පෙර ලිපියසාරා ඉන්දියාවට පැන්නා ද? මිය ගියා ද? තෙවන DNA වාර්තාව අධිකරණයටඊලග ලිපියමිනුවන්ගොඩ ත්‍රිත්ව පුද්ගල ඝාතනයට අධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට




Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here