රාජ්ය බැංකුවලින් ගොවීන් ලබා ගත් ණය මුදල්වලින් රුපියල් මිලියන 688ක් කපා හැරීමට තීරණය කර ඇත.
එසේ කපා හරින ලද ගොවි ණය වසර දෙකක් තුළ මහා භාණ්ඩාගාරය මගින් අදාළ බැංකු වෙත මුදල් ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කර තිබේ.
මෙම යෝජනාව ක්රියාත්මක කිරීම සඳහා රජය විසින් වෙන් කර කරන ලද මුදල රුපියල් මිලියන 350ක් වේ.
කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්ය බැංකු වෙතින් ණය ලබා ගත් ගොවීන් 28,259කට මෙම සහනය ලබා දීමට රජය පියවර ගත් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කළේ ය.
රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුව ත් රජය විසින් වගා ණය කපා හැරීමට ගන්නා ලද තීරණය මගින් ගොවි ජනතාවට විශාල සහනයක් සැලසෙන බව ද ඇමතිවරයා අවධාරණය කළේ ය.