ලක්‍ෂ 873ට අදාළව තව පැමිණිලි තුනක් රුපියල් ලක්‍ෂ අටක් වටිනා රන් මාලයක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් කිලෝවක් සම්බන්ධයෙන්ද රහස් පොලිසියට පැමිණිලි ලැබිලා තියෙනවා.
ඒ වගේම මෙයා ගමන්බිමන්වලට, අඳින පලඳින ඇඳුම්වලට පාවිච්චි කරන රූපලාවණ්‍ය උපකරණවලට විශාල වියදමක් කරනවා.
“මෙයා තොල් ආලේපනයක් සඳහා එකක් රුපියල් 45,000කට මිලදී ගන්නවා. ඒ වගේ ඇස්වල පිහාටු අලංකාර කරන්න මස්කාර එකක් සඳහා 75,000ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම නිය අලේපනයක් රුපියල් 40,000ක් දීලා මිලදී ගෙන තියෙනවා. උත්සවයකට අඳින සාරියක් රුපියල් 50,000කට වඩා අධිකයි.
ඒ වගේම අපිට තොරතුර ලැබුණු සතියට වරක් තිළිණි ගස්ලබු, කෝපි සහ ඉඟුරු මිශ්‍රණයක් හදලා ඒ මිශ්‍රණය සිරුරේ ගාගෙන පැයක් විතර ඉඳලා පස්සේ නැවුම් කිරිවලින් නානවා කියලා.”
ඔන්න ඔය වගේ චරිතයක් තමයි තිළිණි මෙවන් දෑ සඳහා ඇය මෙම වංචාවෙන් ලබාගත් මුදල් වියදම් කරන්න ඇතැයි සැක කරනවා. මේවා අපි හොයා ගත්තේ ප්‍රශ්න කරලා ගත්ත තොරතුරුවලින්.”
විමර්ශන සිදුකළ රහස් පොලිස් නිලධාරියෙක් කීවේය.
මේ අතර ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකක කිහිපයක් ප්‍රශ්න කළද ඔහු සන්තකයේ ඇති ගිණුම් දෙකක රුපියල් ලක්‍ෂ 90ක් ඇති බව සොයා ගැනීමට හැකිවී ඇත්තේ කමල් හසන්ගේ පැමිණිල්ල සටහන් කරගත් විමර්ශන ඒකකයේ නිලධාරීන්ට පමණි.
ඒ අනුව රහස් පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත්තේ දෙවැනි සැකකාර ඉසුරු නමැත්තා පළමු සැකකාරිය වන තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවලට සම්බන්ධ වී මේ ආකාරයට සිදුකරන ලද තවත් මූල්‍ය වංචා කිහිපයක කරුණු අනාවරණය වී ඇති බවය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තවත් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද කියති.
මෙම සැකකාරිය සහ සැකකරු සම්බන්ධ වී වංචා කර ඇති විදෙස් මුදල් සහ රන් භාණ්ඩ සොයා ගැනීම සහ ඊට සම්බන්ධ වූවන් සොයා ගැනීමට විමර්ශන කටයුතු දිගින් දිගටම පවත්වාගෙන යන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් වංචා කළ රන් කිලෝවකට අදාළ රන් භාණ්ඩ රන් වෙළෙඳ සලකට ලබාදී ඇති බවට රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් රහස් විමර්ශනයක් සිදු කරන බවද වාර්තා වේ.
මෙවන් කරුණු කාරණා මත සැකකාරියක් වූ තිළිණි ප්‍රියමාලිට සහ සැකකාර ඉසුරු බණ්ඩාර යන අයට ඇප ලබාදීම ඉදිරි විමර්ශන කටයුතු සඳහා බාධාවක් වන බවත් ඔවුන් අධිකරණය මඟහැර යෑමට ඉඩ ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටීම නිසා මොවුන් දෙදෙනා ලබන 2 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ
ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල ඇතුළු කණ්ඩායම් 11ක් මේ මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.
කීර්ති මෙන්ඩිස්
මව්බිම