මිගේර්න් හෙවත් ඉරුවාරදය වැඩිපුර දැකගත හැක්කේ තරුණ වියත් වැඩිහිටි වියත් අතර කාලයේදී වන නමුත් අද තත්ත්වය ඊට සපුරාම වෙනස්. පාසල් යන වයසේ දරුවන් ඉතා විශාල සංඛ්‍යාවක් මිගේර්න් රෝගයට ගොදුරුවී සිටිනවා.එමෙන්ම කාන්තාවන් අතර මෙම රෝගය බහුලවම දැකගත හැකියි.
මූලික, මධ්‍යම හා උග්‍ර යනුවෙන් මිගේර්න් රෝගයේ මට්ටම් තුනක් හඳුනාගත හැකි අතර රෝගියාගේ ශරීර ස්වභාවය අනුව රෝග ලක්ෂණ පහළවීම වෙනස් වෙනවා. වාතය කෝප වීමෙන් හිසට අනින්නාක් බඳු හිසරදයද, පිත කෝප වීමෙන් දැවිල්ල සමඟ පුපුරු ගසන්නාක් බඳු හිසරදයද, සෙම කෝප වීමෙන් හිස බර ගතියෙන් යුතුව දැනෙන හිසරදයද ඇතිවෙනවා.
ඇස්වල පෙනීම අඩුවීම, දත් රෝග ඇති වීම, මොළයේ ගෙඩි ඇති වීම, මලබද්ධය, දියවැඩියාව, වකුගඩු රෝග, ගැස්ට්‍රයිටිස්, උණ, මැලේරියාව, ප්‍රතිශ්‍යාව, අධික වෙහෙස, රක්තහීනතාව, අධික හිරු රැසට හෝ තාපයට ගොදුරු වීම, නිදිවැරීම හෝ දහවල් කාලයේ අසාමාන්‍ය නිදාගැනීම, මත්පැන් පානය, ඊයම් ආදී ලෝහ ශරීරගත වීම, රසායන ද්‍රව්‍ය ආඝ්‍රාණය වීම, පීනස රෝගයේදී
සෙම වියළී කෝටර තුළ සෙම එකතු වීම, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව හේතුවෙන් යමකුට හිසරදය ඇති විය හැකියි. එමෙන්ම ලේ නහර තුළ පීඩනයක් ඇති වීම, බෙල්ලේ මස්පිඬු තදවීම, සුෂුම්නාව හා කොඳුඇට පෙළෙහි රෝග තත්ත්ව හේතුවෙන්ද හිසරදය ඇති විය හැකියි. බරපතළ රෝග තත්ත්වයක එක් ලක්ෂණයක් ලෙසටද නොකඩවා හිසරදය ඇති විය හැකියි.
හිසෙහි එක පැත්තක ඉවසිය නොහැකි ලෙසට තදබල හිසරුදාවක් පවතින්නේ නම්, හිසෙහි පැත්ත මාරුවෙමින් වේදනා දෙන්නේ නම්, සමහර විට හිස දෙපැත්තේම වේදනාව පවතී නම්, දීප්තිමත් ආලෝකය දෙස බැලීමට අපහසු නම්, අව්වේ යෑමේ අපහසුවක් පවතී නම්, නාසයට කිසියම් දුගඳක් හෝ මුඛයට තිත්ත රසක් දැනෙයි නම්, වමනය ඇතිවෙයි නම්, හේතුවක් නැතිව කේන්තියෑම හා ඉතා ආවේගශීලී ලෙස කටයුතු කිරීම සිදුවන්නේ නම්, ඇස් පෙනීමේ අඩු වැඩි ස්වභාවය සමඟ විදුලිය කොටන්නාක් මෙන්
රූප පෙනීම සිදුවෙයි නම්, මුහුණ සුදුමැලි වීම සමඟ සමහරවිට ක්ලාන්තය ඇතිවෙයි නම් හා ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් එක දිගට පැය ගණනක් හා දින ගණනාවක් පුරා පවතී නම් හා පසුව දින සති මාස ගණනකට පසුව නැවත ඒ ආකාරයෙන්ම පීඩාව ඇතිවන්නේ නම් එය නිසැක මිගේර්න් තත්ත්වයක් යැයි නිශ්චය කළ හැකියි.
ඉර නැඟෙන විට ඇතිවන දරාගන්න අපහසු හිස පැළෙන තරම් වූ වේදනාව ඉරුවාරදය බව කවුරුත් දන්නවා. නමුත් ඉරුවාරදය හෙවත් මිගේර්න් රෝගය දවසේ වෙනත් ඕනෑම වෙලාවකදී වුවත් ඇති විය හැකියි. එබැවින් කුමන මට්ටමේ හිසරදයක් වුවත් ඒ පිළිබඳ අවධානයෙන් සිටීම කළ යුතුයි. සමහර විට ඉතා තදින් මිගේර්න් රෝග තත්ත්වය පවතින විට දෑස රතු පැහැ ගන්නා අතර ඇස ඇතුළතින් උලකින් අනිනවා වැනි ඉතා අධික වේදනාවක් ඇති වන බවද සඳහන් කළ යුතුයි.
මිගේර්න් රෝගය ස්ථිරව සුව කිරීම සඳහා අප විසින් සාදන ලද ඔෟෂධ ලබාදෙන අතර එම ඔෟෂධ පාවිච්චියේදී ඕනෑම කෑම, බීමක් ගැනීමට හැකියි. කෑමට බීමට තහංචි නැත. අප වෙත පැමිණීමට පෙර පහත ප්‍රතිකාර සති 2ක් සිදුකර ගන්න.
අරළු, බුළු, නෙල්ලි, වියළි කහ, බිං කොහොඹ, වැල්මී, ඉඟුරු කළං 1යි මදටිය 14 වතුර පත 8-1ට සිඳුවා පෙරා පත බාගය බැගින් උදේ සවස සති 2ක් බොන්න. නිරෝගී බව ලබාගන්න.
වෛද්‍ය
සජානි වාසනා
ප්‍රනාන්දු
BAMS (Hons) University of Kelaniya
ධන්වන්තරි ආයුර්වේදය _ පිළියන්දල
0718659179