එක් දිනක් අප වෙත රැගෙන ආ රෝගියකුට තිබුණේ කට ඇදව ගිහින්, අතපය වකුටු වී කොර ගැහී ගිය තත්ත්වයක්. බැලූ බැල්මට මේ රෝගියා වසර ගණනාවක් මෙම තත්ත්වයෙන් දුක් පීඩා විඳි අයකු බව පෙනුණා. ඒ වුණත් රෝගියා හා කතාබහ කර ගනිද්දී, රෝගියා රැගෙන ආ අය කියූ කාරණා විමසා බලද්දී වැඩි කලක් ගිහින් තිබුණේ නෑ ලෙඩා මේ තත්ත්වයට පත්වෙන්න.
අත් අල්ලා නාඩි පරීක්ෂාවක් කළාම යමක් වටහාගත හැකි වුණා. ලෙඩකුගේ ඇඟට අත තියන්නේ අප ඉතා සන්සුන් මනසින් දැහැන්ගතව වාගෙයි. ඇඟිලි තුඩුවලට ස්නායු තෙරපුවාම, නාඩි ඇල්ලුවාම ලේ ගමනයත් එක්ක බොහෝ දේ අපට දැනෙනවා. රෝගය හට ගත් විදිහත්, ඊට හේතු සාධක වූ හේතුත් දැනෙන්න ගන්නවා. ඒ විතරක් නෙවී රෝගියා අද ඉන්න තත්ත්වයත් වැටහෙනවා. ඒවා ස්කෑන්වලින්, එක්ස්රේවලින් බලලා කියන්න ඕනෑ නෑ.
රෝගියා ඇඳේ තියලා ඔහුගේ නිල ස්ථාන පරීක්ෂා කළා. රෝගය හටගන්නට හේතුවූ තැන් හඳුනා ගත්තා. මේ කුදු ගැහීමට හේතුව වටහා ගත්තම අපි දන්නවා කළ යුත්ත මොකක්ද කියලා. ලෙඩාගෙන් ඇහුවා නැවතිලා සනීප කරගන්න කැමැතිද කියලා. හැබැයි එයාගේ නම් විශ්වාසයක් තිබුණෙම නෑ, ඔහු හිටපු තත්ත්වය වෙනස් කරවලා සම්පූර්ණ සුව ලැබේද කියලා. අප මුලින්ම ඔහුට ඔහුගේ තත්ත්වය පහදා දුන්නා. ඔහු මානසිකව ශක්තිමත් කළා. ඊට පස්සේ තමයි අප ප්‍රතිකාර පටන් ගත්තේ.
මෙය අසීරු කාරියක් වුණත් ඉවසීමෙන් ප්‍රතිකාර කළොත් ලෙඩා ගොඩ දාන්න පුළුවන් බව අප තේරුම් ගෙන හිටියා. ඒ සඳහා කැපවීමකුත් කළ යුතු වග වැටහුණා.
අර “ත්‍රිංසත් භිසංග” කෘතියේ තියෙනවනේ මෙහෙම රෝගියකුගේ ස්වභාවය. ශ්ලෝකය පටන් ගන්නේ “නම– ශ්‍රී ඝණාය” කියලයි. ශ්ලෝකය මෙහෙමයි.
“බහු ජීවුහො රුමතං නාමස්ථ මේභා දාවර්ත මාරුතං අෙක්ෂකො දනුර්වාතෝ පිණ්ඩිකෝ ද්වෙෂ්ට කො ඝුරුක්”
මෙහි සරල සිංහල අරුත තමයි… “අත ද දිවද කලවයද අනිකුදු නොකී තැන දඬු කඩක් සේ ස්ථම්භ වන්නේ ස්ථම්භ වාතය නම් වෙයි. බඩෙහි දිය උදර සහිතව ගුඩු ගුඩු ගානා ශබ්ද ඇතිව බඩේ ගැටයක් සේ තිබෙන්නේ උදාවර්ත වාත නම් වෙයි. අෑනුන් ඇති ඉසරුජා ඇතිව ඇසින් කඳුළු බැස වේදනා වන්නේ අක්ෂෙපක වාතය නම් වෙයි. දුන්නක් අටවාපු වාක් මෙන් පිටට නැමෙන්නේ දනුර්වාත නම් වෙයි. බඩ ගැට ගැසී රුජා ඇති වන්නේ පිණ්ඩිකොඳු වෙෂ්ටන වාත නම් වෙයි. ඇට සන්ධි බිඳුණාක් මෙන් වන්නේ අංග්රීරුක් වාත නම් වෙයි.”
මේ කියන සියලු රෝග ලක්ෂණත් ලෙඩාට නොඅඩුව තිබුණා. ඇරත් එක දිගට කුදු ගැහී ඇඳට වැටී දුක් වින්ද රෝගියකු තව තවත් රෝගී වීම වළක්වන්නත් බැහැනේ. ඉතින් අප පිළිවෙළින් ප්‍රතිකාර ඇරඹුවා. ඔහුගේ ස්නායු අක්‍රිය වූ නිසා, නාඩි අනුව පිරික්සා ඒවා බල ගන්වන්න පටන් ගත්තා. හරියට විදුලි ධාරාවක් යවා අදාළ තැන් බල ගන්වනවා වගේ. එය නිල තෙරපුමත්, ප්‍රතිකාරත් එක විටම කිරීමෙන් කෙරෙන සාර්ථක ප්‍රතිකාරයක්.
අපහසුම ස්ථානවලට තව තවත් තෙරපුම් දීලා බල ගන්වන්න පටන් ගත්තා. ඔහුගේ අංග චලනය කෙරුණේ හෙමිහිටයි. ඒත් අප පසුබට වුණේ නෑ. තව තවත් සත්කාර දිගටම කරගෙන ගියා. එතකොට තමයි අක්‍රිය තැන් පිබිදෙන්න ගත්තේ. ශරීරයට පණ එන්න ගත්තා.
යම් ප්‍රමාණයකට පණ දීලා ශරීර අංග චලනය කරවලා යථා තත්ත්වයට ගත් පසු යකඩ අත්වැල අල්ලාගෙන අප වෛද්‍ය ශාලාවේදී ව්‍යායාමත් සිදු කළා. රෝගියා ඉවසීමෙන්, කැපවීමෙන් ඊට සහාය දුන්නා. ඔහුට විශ්වාස කරගන්නත් බැරි ඉක්මනින් ඔහු අත්වැල අල්ලා ඇවිද යන්න පටන් ගත්තා. දැන් ඔහු පූර්ණ සුවය ලබා හොඳින් ජීවත් වෙනවා.
(වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය. අඟහරුවාදා – අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා රත්නපුර, සිකුරාදා – මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර අඹතැන්න)
සුලක්ඛන ජයවර්ධන
වෛද්යාචාර්ය,
ජයන්ත බණ්ඩාර
අංකුඹුර,
රාමකොටුව
072-4464957
071-6080849