Home Uncategorized News Room : කොඳුඇට පෙළේ පුරුක් දෙකක විකෘතියක් දුරදිග ගිය හැටි

News Room : කොඳුඇට පෙළේ පුරුක් දෙකක විකෘතියක් දුරදිග ගිය හැටි

1
0

ඔබට නිතර නිතර දැනෙන කොන්දේ වේදනාවක් වෙතොත් එය ඒ හැටි ගනන් නොගෙන දිගින් දිගටම ඔබේ එදිනෙදා කටයුතු කරගෙන යන්නට උත්සාහ ගන්න අවස්ථා තියෙනවා. වේදනාවක්් ආ කල ඒ වෙලාවේ මොනවා හෝ බාම් එකක් හෝ තෙල් ටිකක් ගාලා ක්ෂණිකව එම වේදනාව අඩු කරගන්නත් උත්සාහ ගන්නවා.

නමුත් පිටකොන්දේ වේදනාවට හරි හැටි අවධානයක් නොදී නොසලකා හැරීම අනාගතයේදී ඔබ මහත් සේ මානසික වධයකටත්, රෝගී තත්ත්වයකටත් ඔබව පත් කරන්නට පුළුවනි. ඒ නිසා පිටකොන්දේ හටගන්නා ඇතැම් වේදනා නම් නොසලකා ඉන්න එපා.

පිටකොන්දේ වේදනාවට හේතු වන කාරණා මොනවාදැයි ඔබ බොහෝ විට දන්නේ නෑ. නිශ්චිතව සිදු නොවෙන නමුත් ඉඳහිට නිතර වධ දෙන මේ වේදනාව හඳුනා ගන්නේ කොහොමද? ඇතැම් විට උලුක්කුවක් හෝ මාංසපේශී දැඩි ආතතතියකට ලක්වීමේ ප්‍රතිඵලයක් බව අප වෙත පැමිණි රෝගීන්ගෙන් දැන අවබෝධ කර ගෙන තියෙනවා. යම්කිසි බැරෑරුම් හේතුවක් නිසා එය ඇතැම් විට කලාතුරකිනුත් සිදුවෙන්නත් වෙන්නත් පුළුවන්. තවත් විටෙක පිටුපස වේදනාව රෝග තත්ත්වයක් නිසාද විය හැකිය.

නමුත් කොඳුඇට පෙළේ කාටිලේජ තැටියක් (Slipped Dise) එකක් පිට පැනීම නිසා අසල ඇති ස්නායුවක් තද වීමෙනුත් එය විය හැකියි. එසේම අනෙක් තත්ත්වය තමයි සයටිකා (Sciatica). එය ශේ‍රා්ණියේ සිට පාද දක්වා දිවෙන ස්නායුවේ ආසාදන තත්ත්වයක් අනුව වෙන්නත් පුළුවන්.

මේක හිරිවැටීමක්. දුර්වලතාව වැනි හේතු නිසා දිගට ඇදී යන්නත් පුළුවන්. නමුත් මෙම තත්ත්වයන් හරි හැටි නොදැන ඇතැම් අය විවිධ ප්‍රතිකාර නියම කරනවා. එයින් තිබෙන ලෙඩේ සුව වෙන්නෙත් නෑ.

සති කිහිපයක් තුළ වේදනාව අඩු වෙන්නේ නැතිනම්, වේදනාව නිසා ඔබේ එදිනෙදා කටයුතු කරගෙන යා නොහැකි නම් කල් නෑර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුමයි.

අප වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි එක් කාන්තාවක් මේ වගේ කොන්දේ වේදනාවෙන් වසර 5ක් පමණ දුක් විඳි අයෙක්. කුඩාවට පටන් ගත් වේදනාව දිගින් දිගටම වැඩි වෙලා. වම් පාදය රිදෙන්න අරන්. එය දකුණු පාදයටත් ගිහින්. ඉන් පසු කොන්දේ යට ඉඳන් උඩු අතටත් වේදනාව ඇවිත් ඉන් පසු කොඳු නාරටිය දිගේ යටි පතුල් දක්වාම මේ වේදනාව ඇදී ඇවිත්. අනතුරුව ඇයගේ ශරීරය හොලවගන්නත් බැරි තරම් තත්ත්වයක් ඇති වෙලා.

අප ඇය හොඳින් පරීක්ෂා කළා. ඇයට තිබුණේ කොඳුඇට පෙළ අතර තියෙන ප්‍රබල අස්ථි පුරුක් දෙකක විකෘති වීමක්. ඒ පුරුක් දැඩි ලෙස එකිනෙක ගැටී තිබුණා. ඒ නිසා තමයි ඇයගේ කොන්දේ සිට දෙපතුල තෙක් වේදනාව හටගත්තේ.

අප ඇයව අපේ නේවාසික ප්‍රතිකාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර ඇරැඹුවා. සියුම් ලෙස කොඳුඇට පෙළට සත්කාර කළා. වටිනා ඔසු තෙල් අප විසින්ම විශේෂයෙන් සකස් කරගෙන ආලේප කළා. වෙනසක් ඉක්මනින් ඇති වුණා. එම ඇට පුරුක් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණා. ඒ අතර සෙසු ප්‍රතිකාර අඛණ්ඩව කරගෙන ගියා. ඇයට අවශ්‍ය ගැළපෙන බෙහෙත් බොන්නත් දුන්නා.

ඉතාමත් ටික දිනකින් එතෙක් ඇයට තිබුණු සියලු කොන්දේ වේදනාවන් දුරු වී පූර්ණ සුවය ලැබුවා.

සැ: යුතුයි – රෝගීන් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි නො: 21, වටරවුම් පාර, පිළියන්දල යන ස්ථානයේදීද වෛද්‍ය මධ්‍යස්ථානයක් ළඟදීම විවෘත කෙරේ.

විජිත කේ. පතිරණ

අස්ථි රෝග විශේෂ වෛද්‍ය

එම්.ඒ. මදනායක

මදනායක බෙහෙත් ශාලාව වැලිගම

0771875707

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here