Home Uncategorized News Room : ලේ යන අර්ශස් පවා සුව කරන ඉසිවරුද අනුදැන වදාළ...

News Room : ලේ යන අර්ශස් පවා සුව කරන ඉසිවරුද අනුදැන වදාළ පුරාණ අත්බෙහෙත්

0
0

අර්ශස් රෝගයෙන් මහත් පීඩාවට පත් බොහෝ දෙනා ඊට ප්‍රතිකාර පතා නොයෙකුත් විමසීම් කිරීම් දැන් වෙනදාටත් වඩා වැඩියෙන් තිබෙනවා. ඒ තරමටම එම රෝගය වැඩි බවයි පෙනෙන්නේ. මෙය මහත් සේ මානසික වද දෙන්නක්. නමුත් මේ රෝගය ගැන පුරාණ සෘෂිවරු පවා අනුදැන වදාළ බොහෝ දේශීය ඔෟෂධ රැසක් තියෙනවා.

එම ඔෟෂධ හැඳින්වීමේදී වැඩිපුරම දක්වා තිබෙන්නේ එම රෝගය ඇති නොවන්නට පිළිපැදිය යුතු දේ වගේම එම රෝගය හැදෙන්නට පටන් ගන්නේ කොයි විදිහටද කියලයි. බොහොමයක් ඔසු නියම කර තිබෙන්නේ දරුණු ලෙස රෝගය හදා ගන්නේ නැතිව පාලනය කර ගෙන සුවපත් කරවා ගන්නටයි. නමුත් රෝගයට ප්‍රතිකාර නැතිවාම නෙවි. එය රෝගියාගේ කල්ක්‍රියාව හා ඇවැතුම් පැවැතුම් හා බැඳුනක් වෙනවා.

අර්ශස් කියන්නේ ගුද මාර්ගයේ ඇතිවන ලේ පිරුණු ගෙඩි වර්ගයක්. මේවාට හොඳ රුධිර සැපයුමක් තිබෙන අතර ඉක්මනින් තුවාල සිදුවීම නිසා ලේ පිටවෙනවා. මෙම තත්ත්වය මුලින්ම වැසිකිළි යෑමෙන් පසු හඳුනා ගන්න පුළුවන්. මුල් අවස්ථාවේදී මේවා වේදනාවෙන් තොරයි. නමුත් ගුද මාර්ගයේ යම් කැසීමක් ඇති විය හැකියි. පසුව මේවා විශාල වූ විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙයි.

මෙය ක්‍රමයෙන් ඇති වන්නක්. මලබද්ධය සමඟ තත්ත්වය වර්ධනය වෙනවා. තවත් විටෙක  එය ප්‍රවේනිගතව  එන්නක්. ගර්භණී අවස්ථාවේදී මෙම තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්.

ඇතැමුන් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර ගන්නට යනවා. එහිදී අවසානයේ කරන්නේ ගෙඩි කපා දමන ශල්‍යකර්මයකට යෑමයි. එය තාවකාලිකව හරි යන්නත් පුළුවන්. යළි ප්‍රශ්නගත තත්ත්වයටම එන්නත් පුළුවන්. ඒක හරිහැටි කියන්න බෑ. කොහොමත් බටහිර ක්‍රමයට කැපුම් කෙටුම් වැඩියිනේ.

පුරාණයේ ඉසිවර වෙදැදුරන් කීවේ පුරවැසියා හොඳින් වෙහෙස මහන්සි වෙනවනම් බල ඇති හොඳ ආහාර පාන ගන්නවා නම් ඇවැතුම් පැවැතුම් නිවැරදි  නම් මේ වගේ ලෙඩ රෝග එන්නේ නෑ කියලයි. ඒ නිසා අර්ශස් රෝගීන්ට වටිනා දේශීයව සකස් කර ගත හැකි වෙද වට්ටෝරු මෙහෙමයි.

ගොටුකොළ සහමුලින් කළං 3ක්, රතුලූනු කළං 3ක්, සූදුරු කළං 3ක්, කොහිල අල කළං 3ක් ගෙන වතුර පත අට එකට සිඳ පත භාගයක් බැගින් උදේ, සවස දින කිහිපයක් බොන්න.

රතුලූනු, කොහිල අල, ගොටුකොළ තුන් වර්ගය එකට කොටා මිරිකා ගත් යුෂයෙන් කැඳ පිස දිනපතා උදයේ හිස් බඩ බොන්න.

පැසුණු බෙලි තම්බා, මී පැණි සමඟ කෑමට දෙන්න. මෙය බඩයෑම සහ අර්ශස්වලට ඉතා ගුණදායකයි. එසේම කෝමාරිකා වෑංජනයක් ලෙස ගැනීමද ගුණයි.

අර්ශස් නිසා ලේ යනවා නම් දෙළුම් ගෙඩියේ ලෙලි කළං ‍ෙදාළහක් වතුර පත 8ක් දමා එක පතට සිඳුවා පත භාගය බැගින් වියළි ඉඟුරු කුඩු මංචාඩි 5ක් සමඟ මී පැණි තේ හැන්දක් දමා දවසකට දෙවරක් බොන්න.

කළු උක් පුරුකක්, හාතාවාරිය අල කළං 3ක්, රසකිඳ කළං 3ක්, නෙල්ලි කළං 3 වතුර පත 8 එකට හිඳ පත භාගය බැගින් උදේ හවස මී පැණි තේ හැන්දක් දමා බොන්න.

වෛද්‍යමෘතය ඇසුරෙනි

සුභානි එම්. ආරච්චිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here