22 ගේන්නේ මේ රටේ ජන අරගලයක් වුණු නිසයි. ඒ ජන අරගලයට එහි කේරඩිට් එක දෙන්නැයි විපක්ෂ නායක. සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේදී ප්‍රේමදාස මහතා මේ බව පැවැසීය.
ඇත්තම කතා කරනවා නම් පාර්ලිමේන්තුවට අද එන්න තිබුණේ 22 නොවේ. 20 +ව්‍යවස්ථාවයි. 20ත් කරලා, රටත් විනාශ කරලා අද මේ කරන රංගනය මොකක්ද? වමාර වමාර අනුභව කරනවා. දැන් මෙතන අපට උපදෙස් දෙන්න එනවා. රට බංකොලොත් කරලා, විනාශ කරලා, කුඩුපට්ටම් කරලා ලක්ෂ හැටනවයේ වරම විනාශ කරලා දැන් බණ දේශනා කරන්න එනවා. මේ කරන්නේ වමාර – වමාර කන එක.
අපේ ස්ථාවරය 29 හෝ 22 නොවේ. අපේ ස්ථාවරය 21යි.
යම් යම් කරුණු සඳහා ශේ්‍රෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බව කිව්වා කියලා දැන් කියනවා. හැබැයි තුනෙන් දෙක අරගෙන ජනමත විචාරණයකට යන එක ශේ්‍රෂ්ඨාධිකරණය තහනම් කර නැහැ. රජය කරන්නේ ජනමත විචාරණයකට යන්න තියෙනවා, තුනෙන් දෙක ගන්න තියෙනවා කියමින් අඩුවට තියෙන යෝජනා ටික සම්මත කර ගැනීමයි.
අපි අද දවසේ 22ට උදවු කරන්නේ ඇයි? 22 කියන එක නිවැරදිම විස¾දුම නිසා නොවේ. එය 20ට වඩා හොඳ නිසයි.
කරුණු කාරණා ඉදිරිපත් කරන විට “ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට” යන වදන මතක තබා ගන්නා ලෙස අප කියනවා. 22 ගේන්නේ මේ රටේ ජන අරගලයක් වුණ නිසයි. ඒ ජන අරගලයට බය වුණ නිසයි. ඒක පිළිගන්න. ඒ කේරඩිට් එක දෙන්න.
අගමැතිතුමා මේ කියන කතා අමිහිරි වුණත් අහගෙන ඉන්න. ඔබතුමා මොළ හතානෝ නෙමෙයි මොළ දාහතානෝ. රට කෑවෙ මොළ හතා තමයි. තමුන්නාන්සේලා ඇතුළු හැමෝම මොළ හතානෝගෙ වහල්ලු. තමුන්නාන්සේලා වමාර වමාරා කනවා ලැජ්ජයි.
අපි මේකට උදවු කරන්නේ රට බංකලොත් භාවයෙන් මුදාගත යුතු නිසා යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත් ස¾දුනි ගමාරච්චි