Home Technology සංචාරකයින් අභ්‍යවකාශයට ගෙනයන්න සියල්ල සූධානම්

සංචාරකයින් අභ්‍යවකාශයට ගෙනයන්න සියල්ල සූධානම්

3
0

හෙලෝ ස්පේස් අභ්‍යවකාශ සංචාරක සමාගම 2025 වසරේ සිට බැලූනයක් ආධාරයෙන් සංචාරකයින් අභ්‍යවකාශයට රැගෙන යාමට බලාපොරොත්තුවෙන පසුවෙයි.
වායු පිරවූ බැලූනයකට සවිකළ වෘත්තාකර කැප්සියුලයක් මගින් වරකට සංචාරකයන් 8 දෙනෙක් අභ්‍යවකාශය වෙත රැගෙන යාමට හේලෝ ස්පේස් සැලසුම් කර ඇති අතර ගමන සඳහා එක් ටිකට් පතක මිල ඇමෙරිකානු ඩොලර් 98000 (ශ්‍රී ලංකා රුපියල් 35,951,535.20) සිට 196000 (ශ්‍රී ලංකා රුපියල් 71,903,070.40) අතර වන බව හේලෝ ස්පේස් සමාගම ප්‍රකාශ කළේය.

අංශක 360 ක දර්ශනයක් සහිත කැප්සියුලයක් නැගී අභ්‍යවකාශයේ සිට පැය 4 – 6 ත් අතර කාලයක් පෘතුවියේ සහ අභ්‍යවකාශයේ සුන්දරත්වය  නැරඹීමට ලැබෙන මේ අවස්ථාව සංචාරකයාගේ ජීවිතය වෙනස් කරනු ඇති බව හේලෝ ස්පේස් සමාගම පවසයි.

පළමු පර්යේෂණ ආකෘතිය දෙසැම්බර් තුන්වන සතියේ ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටා ඇති ටාටා මූලික පර්යේෂණ ආයතනයේදී අභ්‍යවකාශ ගත වනු ඇතැයි හේලෝ ස්පේස් සමාගම ප්‍රකාශ කළේය. පර්යේෂණ චාරිකා සාර්ථක වුවහොත් 2029 වසරේ සිට වාණිජ ගගන සවාරි වසරකට 400 ක් ක්‍රියාත්මක කිරීමට හේලෝ ස්පේස් සමාගම සැලසුම් කර ඇත.

පර්යේෂණ චාරිකාවලදී පෘථිවියේ දෙවැනි වායු ස්ථරය දක්වා කැප්සියුලය රැගෙන යාමට බලාපොරොත්තු වන බව හේලෝ ස්පේස් සමාගම පැවසුවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here