Home Local News Room : පොරක් වෙන්න හිතාගෙන අනුන් පහත් කරන එක බෙහෙත් ගන්න...

News Room : පොරක් වෙන්න හිතාගෙන අනුන් පහත් කරන එක බෙහෙත් ගන්න ඕන ජාතියෙ ලෙඩක්

0
0

Personality Disorder එකක් කියන්නේ එක්තරා ආකාරයක මානසික රෝගයක්. සෞඛ්‍යයට හිතකර නොවන දිගුකාලීන සිතිවිලි සහ හැසිරීම් රටාවන් Personality Disorder කාණ්ඩයට ඇතුළත් වෙනවා. ඒ නරක හැසිරීම් ඔබේ පෞද්ගලික සබඳතා සහ රැකියාව සමඟ බරපතළ ගැටලු ඇති කිරීමට ඉඩ තියෙනවා. මේ හේතු නිසා සාමාන්‍යයෙන් පෞරුෂ ආබාධ (Personality Disorder) සහිත පුද්ගලයන්ට එදිනෙදා ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගැනීමේ ගැටලු රැසක් ඇතිවෙනවා.

මම මගේ වෘත්තීය ඇතුළෙදි විවිධාකාර මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවා. ඒ අතර විවිධාකාර මානසික මට්ටම්වල අය, විවිධාකාර පෞරුෂ ආබාධ තියෙන අයවත් දැකලා තියෙනවා. ඒ අයගෙන් සමහරක් තමන්ට ඇත්තටම Personality Disorder එකක් තියෙනවද කියලා නොදන්න අය. එහෙම අය ගොඩක් දුරට තමන්ගේ Personality Disorder එක වැඩි වෙන විදිහට වැඩ කරනවා.

මොකද ඒ අය හිතන්නේ තමන්ගේ Personality Disorder එක එක්ක දැනෙන හැඟීම් තමයි හරි කියලා. ඉතින් හිතාගන්නකෝ එහෙම දෙයක් වෙන්න ගත්තම ඒ අයගේ මානසික මට්ටම කොයි තැනක තියෙයිද කියලා. අද මම බොහෝ දෙනෙක්ට තියෙන සහ තියෙන්න පුළුවන් Personality Disorder එකක් ගැන කතා කරන්න කල්පනා කළා. මොකද ගොඩක් වෙලාවට Social Media ඇතුළෙ දුවන ලෝකෙක ඉන්න අපිට මෙන්න මේ Personality Disorder එක තියෙන දකින්න ලැබෙනවා.

මේ Personality Disorder එක තියෙන කෙනෙක්ගෙන් දකින්න ලැබෙන මූලිකම

ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ ඔවුන් තමන් ගැන අධි තක්සේරුවෙන්, අතිශෙයෝක්තියෙන් ජීවත්වීම සහ අනිත් අය ඉදිරියේ තමන්ට නිතරම ප්‍රශංසා, අවධානය බලාපොරොත්තු වීම දකින්න පුළුවන්. හැබැයි ඒ දේවල් සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ බලාපොරොත්තු වීම් අතිශය ඉහළ මට්ටමකට පැමිණීමෙන් ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වයට ඒක අහිතකර වෙන්න පුළුවන්.

මේක අපි මනෝවිද්‍යාවෙදි Narcissistic Personality Disorder කියලා හඳුන්වනවා. කලින් සඳහන් කරපු මූලික ලක්ෂණවලට අමතරව Narcissistic Personality Disorder තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් අන් අය කෙරෙහි තමන්ගේ තියෙන සංවේදී බව අහිමි කරගන්නවා. මේක බොහොම අහිතකර දෙයක්. එයාලට අවශ්‍ය ප්‍රශංසා හෝ අවධානය නැති වුණොත් අනිත් අයට වේදනාකාරී දෙයකින් හරි මේ අය තමන්ට අවශ්‍ය දේ ලබාගන්න පෙලඹෙනවා.

ඔයා දැකලා නැද්ද Social Media ඇතුළෙ content creator කියන සීමාවෙන් එහාට ගිහින් තමන්ට අවශ්‍ය අවධානය ලබාගන්න මිනිස්සු. ලිංගිකත්වයෙන් පටන් අරගෙන ඕනෑම දෙයක් කරන්න ඒ අය අවධානය වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවා. ඒ විදියට ලැබෙන views count එකෙන් එයාලා හිතන්නේ තමන් කරන දේවල් හරි සහ ඒවා බලන අය ඒ දේවල් අනුමත කරනවා කියන දෙය. ඉතින් මේ හේතුව නිසා views වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පිරිසක් Social Media ඇතුළේ බිහිවෙලා තියෙනවා. අපි ආයෙත් මාතෘකාවට එමු!

Narcissistic Personalty Disorder හැදෙන්න කිසිම කෙනෙක්ට වයස සීමාවක් නැහැ. ඔයා කොයි තරම් තැනක හිටියත්, මොනව කළත් ඔයාට මේ තත්ත්වෙ ඇතිවෙන්න බැරිකමක් නැහැ. මම Social Media වලින්ම මේ ගැන උදාහරණ ගන්නෙ ඔයාට Narcissistic Personalty Disorder ගැන අත්දැකීමක් ගන්න තිබෙන එකම තැන එතැන නිසා. ඉතින් දැන් මම කියපු කතාව එක්ක ඔයාට ඒ වගේ අය ගැන මතක් වෙන්නත් ඇති.!  හැබැයි ඒ හැමෝටම Narcissistic Personality Disorder තියෙනවා  කියල නම් හිතන්න එපා. ඒක අපිට තහවුරු කරන්න පුළුවන් විදි කිහිපයකුත් තිබෙනවා.

ව්චපජඪඵඵඪඵබඪජ

ර්ථීඥපඵධදචතඪබර ච්ඪඵධපඤඥප තියෙන, ඒ තත්ත්වෙ දරුණු වුණ කෙනෙක්ට මම කලින් කිව්වා එහෙම තමන්ට අවශ්‍ය  පිළිගැනීම සහ ප්‍රශංසාව  නිසා අනිත් අය ගැන තියෙන සංවේදීකම නැතිවෙනවා. ඉතින් මෙහෙම වුණාම තමන්ට අවශ්‍ය අවධානය වෙනුවෙන් කෙනෙක්ට රිද්දන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒක මානසික වගේම ශාරීරික වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට අනුකම්පා කිරීම තමන්ගේ අභිමානයට හානියක් විදිහට එයාලා හිතන්නත් පටන් ගන්නවා. මෙන්න මේ විධියේ හානිදායක කෙනෙක් වුණොත් අන්න ඒ කෙනාට Narcissistic Personality Disorder තියෙනවා කියලා සැක කරන්න අපිට පුළුවන්.

ඒ වගේම තමයි Narcissistic Personality Disorder තියෙන කෙනෙක්ට බොහෝ විට තමන්ගේ සහකරු හෝ සහකාරිය සර්ව සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕනෑ කියන හැඟීම වගේම ඒ කෙනා හැමවෙලේම තමන්ව අගය කිරීම පමණක් ද බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයා දන්න කියන කෙනෙක්ටත් ඕනෑවට වඩා තියෙනව නම් එයාටත් Narcissistic Personality Disorder තියෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙමයි කියලා ඒ ගැන එයාට මූණට කියන්න උත්සාහ කරන්න එපා. මොකද මම කලින් කිව්වා වගේම මෙහෙම තත්ත්වෙක ඉන්න අය අය ඒක පිළිගන්න කැමැති වෙන්නෙ නැහැ. ඔයාගෙ හොඳ හිත නැතිවෙන එක ඇරෙන්න ලොකු දෙයක් ඒකෙන් වෙන්නෙ නැහැ.

එතකොට ඔයාට හිතෙන්න පුළුවන් කොහොමද මේ Narcissistic Personality Disorder තියෙන කෙනෙක්ට  කරන්න පුළුවන් ප්‍රතිකාර කියලා. සමහර විට ඔයා මේ තත්ත්වයෙන් මේ වෙද්දි ඉන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ Personality Disorder එකකදී කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරයක් තමයි talk therapy කියන්නේ. තව විදිහකට කිව්වොත් psychotherapy කියන්නෙත් මේ ප්‍රතිකර්මයටම තමයි.

මේක ශාරීරික නොවන මානසික මට්ටමක් ඉලක්ක කරලා කරන දෙයක්. psycotherapy (මනෝ චිකිත්සාව) මඟින් ඔයාට අන් අය සමඟ වඩා හොඳින් සම්බන්ධ වීමට උගන්වනවා වගේම එමඟින් ඔබට ඔබේ අතිශයෝක්තික හැඟීම්වලින් මිදෙන්න වගේම ඔබේ අන්තර් පුද්ගල සබඳතා වඩාත් සමීප විනෝදජනක සහ ප්‍රතිලාභදායක ඒවා කරගැනීමට උදවු කරනවා. මෙන්න මේ විදිහට ඔයාට Narcissistic Personality Disorder වලින් එළියට එන්න හැකියාව ලැබෙනවා. ඉතින්, ඔයාටත් අනිත් අයගේ අවධානය ගන්න ඕනෑම දෙයක් කරන්න හිතෙනවද? හිනාවෙලා හිටපං!

ප්‍රමෝද් වීරරත්න
මානව හැකියා පුහුණු සහ සංවර්ධන පුහුණුකරු/උපදේශක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here