Home Local News Room : සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක්

News Room : සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක්

3
0

ශ්‍රී ලංකාවට විදෙස් මුදල් ලැබෙන ප්‍රධානතම මූලාශ්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. පසුගිය මාසය තුළ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 29,802ක් ලෙස වාර්තා විය. එය අගෝස්තු මාසයට සාපෙක්ෂව අඩුවීමකි. එය ප්‍රතිශතයක් ලෙස 21%ක අඩු වීමකි.

සැප්තැම්බර් මාසය විදේශිකයන්ට නිවාඩු සමයක් ලෙස සැලකෙන නමුත් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එතරම් සුබදායක නොවීම කනගාටුවට කරුණකි. සංචාරක කර්මාන්තයේ මෑතකදී හොඳටම වාර්තා වූ 2018 වසරට සාපේක්ෂව 26%ක අඩු වීමකි.

2022 සැප්තැම්බර් 30 වන විට, 526,232 ජාත්‍යන්තර සංචාරකයෝ ලංකාවට පැමිණ තිබේ. එම මාසයේදී විදේශිකයන්ගේ පැමිණීමේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව වූ අතර පිළිවෙළින් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාවද ඉන් අනතුරුව ජර්මනියෙන් සහ රුසියාවෙන්ද සංචාරකයන් පැමිණීමක් වාර්තා විය.

නුවන් බඹරැන්දගේ

පෙර ලිපියඉදිරි සති දෙකේදී භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here