පැවිදිවීම සඳහා ලෙනවර රජමහ විහාරස්ථානයේ මාසයකට අධික කාලයක් රැඳී සිටි 12 හැවිරිදි දරුවකුගේ සිරුර විහාරස්ථානයේ ගබඩා කාමරයක සිවුරකින් එල්ලෙමින් තිබියදී පසුගියදා (28දා) පස්වරුවේ මිල්ලනිය පොලිසියෙන් සොයා ගෙන ඇත.
බණ්ඩාරගම, වීදියගොඩ ප්රදේශයේ පදිංචිව සිටි යෙසිත් ගිම්හාන වීරසිංහ (12) නමැති දරුවා මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිය කැමැත්ත අනුව මවුපියන්ගේ අනුමැතියෙන් දින 40කට පෙර විහාරස්ථානය වෙත පැමිණ මහණදම් පිරීම සඳහා ඇවැසි මූලික කටයුතුවල යෙදී සිට ඇතැයි සඳහන් වේ.
එදින දරුවා විහාරස්ථානයේ දක්නට නොවූ බැවින් සොයා බැලීමේදී එහි ගබඩා කාමරයක සිවුරක් ආධාරයෙන් එල්ලී සිටින අයුරු දැක ඇතැයි පොලිසිය කියයි. ජේයෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේගේ උපදෙස් මත මිල්ලනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පොතුපිටිය – සුමිත් රණවක