Home Local News Room : ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධිය ගැන කණ්ඩායම බාරව සිටි මහේල...

News Room : ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධිය ගැන කණ්ඩායම බාරව සිටි මහේල ලංකාවට ආ ගමන්ම කතා කරයි!

0
0

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය කනගාටුවට කරුණක් බව මහේල ජයවර්ධන පැවසීය.

ඊයේ (06) රාත්‍රීයේ ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – ධනුෂ්ක ගුණතිලක චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා රටටත් කණ්ඩායමටත් ලොකු අපකීර්තියක් එල්ල වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ ?

“මම හිතන්නේ කනගාටුවට කාරණයක්. අපි අවසාන තරගය ඉවරවෙලා රාත්‍රියේ තමා අපිට දැනගන්න ලැබුණේ. පහුවදා අපි ඔස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. නමුත් පෞද්ගලිකව ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් ගැන වගකීමක් භාරගත යුතුයි. ඒත් බලමු ඒ පරීක්ෂණවලින් මොකක්ද වෙන්නේ කියලා. මම හිතන්නේ එතකල් අපිට කියන්න අමාරුයි මොකද්ද වුණේ කියලා. කණ්ඩායමක් විදියට ගියාම අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල්වල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයින් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාම කනගාටුවට කාරණයක්. අපි නීතියට ඉඩදීලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here