Home Local News Room : මෙන්න සිස්ටම් චේන්ජ් එක! ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ අවසරය පරක්කු...

News Room : මෙන්න සිස්ටම් චේන්ජ් එක! ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ අවසරය පරක්කු නිසා ‌කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් දින 25ක් වරායේ හිරවෙලා!

2
0

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා පැවසීය.

මෙම කිරිපිටි කන්ටේනර් 17 සඳහා මේ වන වි ප්‍රමාද ගාස්තු ලක්‍ෂ 40 ක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් විජේසූරිය මහතා කීය.

නැවට කිරි පටවන විට එක නිතියක්ද, නැවත මුහුද මැද තිබෙන විට තවත් නීතියක්ද, කොළඹ වරායට නැව ළගාවීමෙන් පසුව තවත් නීතියක්ද ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී විජේසූරිය මහතා සඳහන් කළේය එම කන්ටේනර් නිදහස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී තිබුණ ද ආනයන හා අපනයන පාලකවරිය කිරිපිටි කන්ටේනර්  සිරකගෙන සිටින බවත්ය.

එම චෝදනාව පිළිබඳව ආනයන හා අපනයන පාලක උපුල්මලී ප්‍රේමතිලක මහත්මියගෙන් කළ විමසුමකදී පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ කිසිම අකාර්යක්‍ෂම තත්වයක් නොමැති මෙන්ම පාලකවරිය ලෙස තමන් කිසිම ලේඛණයක් සිරකරගෙන නොමැති බවත්ය.

කිරිපිටි ප්‍රශ්නය හරියටම මොකක්ද යන්න තමන් නිවැරදිව නොදන්නා බව කී  උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සාමාන්‍ය නීතියට පටහැනිව මොනවා හරි ආනයන කර තිබේ නම් මොනම හේතුවකටවත් නිදහස් නොකරන බව ද සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here