හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතුව අගමැතිවරයා විසින් පත් ලද සීමානිර්ණ කමිටුව කිසිම නීතිමය වලංගුභාවයක් නැති අනීතික කොමිසමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් අද (19) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.
ඔහු පැවසුවේ මේ සම්බන්ධව නෛතික තත්ත්වය සම්බන්ධව කළ ගැඹුරැ හැදැරීමක දී තහවුරු වූයේ එවැනි කොමිසමක් පත්කිරීම සඳහා බලයක් අගමැතිවයාට නොමැති බවය.
මහාචාර්ය ජී.එල්. පීරීස් මෙසේ ද කීවේය.
ගරු අගමැතිතුමා විෂය භාර ඇමතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහත්මාගේ සභාපතිත්වයෙන් සීමානිර්ණ කොමිෂන් සභාවක් පත්කරලා තියනවා.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් කීප දෙනෙක් සමග සාකච්ඡා කළා. කාරණය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා.
අපි සෑහීමකට පත්වෙනවා අපේ ස්ථාවරය ගැන. අගමැතිතුමාට එවැනි කොමිසමක් පත්කිරීමට නීත්‍යානුකූළ බලයක් නෑ.
සීමානිර්ණ කමිටුවක් දැනටම පත් කරලා තියනවා. එතුමාට පත්කරන්න පුලුවන් සීමානිර්ණ කමිටුවක් නොවෙයි. සමාලෝචන කමිටුවක්.
මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත්කළ සීමානිර්ණ කමිටුව නීත්‍යානුකූල කමිටුවක් නොවෙයි. එම කමිටුවට නීත්‍යානුකූල වලංගුභාවයක් නෑ. එය තමයි අපේ මතය.
lankasara