Home Local News Room : බිලියන 10ක් වතුරේ ගිහින්! දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණකාධිපතිට තොරතුරු...

News Room : බිලියන 10ක් වතුරේ ගිහින්! දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණකාධිපතිට තොරතුරු දෙන්නත් බෑ කියලා!

3
0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (28) රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එතරම් මුදලක් වැයකර ස්ථාපිත කළ ද අදාළ පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපවතින බවය.

එම පද්ධතිය පිහිටුවීමට අදාළ ගිවිසුම සහ මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු තමා වෙත ලබාදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here