Home Local News Room : සමස්ත නීතී ප්‍රජාවම 24 වනදා පාරට බහිනවා – නිතීඥ...

News Room : සමස්ත නීතී ප්‍රජාවම 24 වනදා පාරට බහිනවා – නිතීඥ මහා සභාව අවධාරණය කරයි – Lanka Truth | සිංහල

7
0

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් පාදක කරගෙන එම තීන්දුව ලබා දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වහාම නතර කළ යුතු බවත් ලබන 23 වනදා වනවිට එය නතර නොකොළොත් 24 වනදා මුළු නීතීඥ ප්‍රජාවම මහ පාරේ විරෝධතා ආරම්භ කරන බවත් “නිතීඥ මහා සභාව” අවධාරණය කරයි.

“නිතීඥ මහා සභාව” මේ බව අවධාරණය කර සිටියේ, “විනිසුරන්ට අත නොතබනු!” මැයෙන් ඔවුන් විසින් මරදාන CSRහිදී අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් කුරේ, නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, නීතිඥ මනෝජ් නානායක්කාර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ලිහිණි ප්‍රනාන්දු, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ අමිල එගොඩමහවත්ත ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here