Home Gossip News Room : ගලෙන්බිඳුනුවැව පොත් මාමාගේ කතාව

News Room : ගලෙන්බිඳුනුවැව පොත් මාමාගේ කතාව

4
0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරු සේවයේ යෙදීමෙන් එම දෙපාර්තමේන්තුවට මහගු සේවාවක් කොට විශ්‍රාම ගිය පුද්ගලයෙකු ගලෙන්බිදුනුවැව ප්‍රදේශයට සිදු කල අපුරු උපකාරයක් පිළිබදව වාර්තා වෙනවා.

ඒ  ගලෙන්බිදුනුවැව  ප්‍රදේශයට මහත් අඩුපාඩුවක්ව පැවති ස්ථිර පුස්තකාලය වෙනුවට ජංගම පුස්තකාලයක් ආරම්භ කිරීමයි.

කුඩා ළමා පොත්  කිහිපයක් පමණකින් ආරම්භ කල මෙම ව්‍යාපාරය මේ වන විට ළමා පොත් පමණක් නොව  පාසල් දරුවන්ට , තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික හා නව කතා පොත් මෙන්ම බෞද්ධ සහ වෙනත් ආගමික පොතපත පමණක් නොව භාෂා කීපයකම පොත් දෙදහසක පමණ පුස්තකාලයක හිමිකමක් දරන්නට ද මොහුට හැකි වී තබෙනවා.

පාපැදියෙන් ආරම්භ කළ ගමන කුඩා යතුරු පැදියක් මත අලංකාරවත් පෙට්ටියක් බැඳගෙන ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  පුරා විසිර සිටින තමාටම වෙන්වූ යාවජීව සාමාජිකයන් 300 ආසන්න ප්‍රමාණයක් දෛනික මම පොත් කියවීමට හුරු කරවා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව  ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයේ අංක 59 උල්පත්ගම ගලෙන්බිදුනුවැව ලිපිනයේ පදිංචි r.b කිරිබණ්ඩා මහතා  මෙම අපුරු  සත් ක්‍රියාව සිදු කරන අතර ඔහු පවසා සිටියේ මේ වන විටත් ඉතා සතුටින් තම මෙහෙවර සිදුකරන බවත් රුපියල් විස්සක් වැනි අඩු මුදලකට තම සේවාදායකයන්ට තමා සපයන සේවාව මගින් මාසිකව ලැබෙන මුදල පුස්තකාලය නඩත්තු කරන්නට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

තවද කවුරුන් හෝ තමා කරන සේවය අගය කිරීමක් වශයෙන් පොත්පත් ලබා දෙන්නේ නම් තම සේවය මීට වඩා පුළුල් ව සිදු කිරීමට හැකියාවක් පවතින බවයි ඔහු පවසා සිටියේ.

නූතනයේ සමාජයේ පිරිස් පොතපත කියවීමෙන් ඈත් වෙමින් යන පසුබිමක ඉතා අමාරුවෙන් හෝ වසර ගණනාවක සිට සිදුකරගෙන යන මෙවැනි සමාජ සත්කාරයක් අගය කළ යුතු නොවේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here