අප්‍රේල් 25වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටද කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිසන් සභාවේ පාලනයෙන් තොර වූ හේතු මත එම තීරණය ගැනීමට සිදුවන බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට විවිධ අවහිරතා මධ්‍යයේ වුවද කටයුතු කරමින් සිටි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. එහෙත් ඊට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වී නොමැත. එසේ තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩුවල තීන්දු මත දිනයක් තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනයේදී හෝ නැතිනම් ලැබෙන පළමු අවස්ථාවේම ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ අපේක්ෂාවයි.
එම පළමු අවස්ථාවේම ඡන්ද විමසීම පැවැත්වීම සදහා දිනය තීරණය කිරීම මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් සිදුකරනු ඇති බවද මැතිවරණ කොමසම සදහන් කරයි.
කෙසේ නමුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සදහා මේ දක්වා ගත් ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගන්නා බව මැතිවරණ කොමිසමේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.