Home Local News Room : “චරිත ඝාතන එපා”: අරගලකරුවෝ CIDයට

News Room : “චරිත ඝාතන එපා”: අරගලකරුවෝ CIDයට

10
0

සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලකරුවන්ගේ චරිත ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අරගලයේ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (අප්‍රේල් 20) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම දේශපාලන කණ්ඩායම් අරගලකරුවන් මුදල් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බව ත් ඒ අනුව අරගලයේ ක්‍රියාකරුවෙකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න ලියූ බව කියමින් ව්‍යාජ ලෙස සකස් කළ ලියුමක් සමාජ මාධ්‍යවල සැරිසරන බවත් පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

පසුගිය දා අවාසනාවන්ත ලෙස මියගිය බුද්ධි ප්‍රබෝධ මෙම ලිපිය නොලියූ බවට තහවුරු කළ හැකි සාක්ෂි තිබෙන බව පවසන පැතුම් කර්නර් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිල්ල මගින් වැඩිදුරට ත් ඉල්ලා තිබේ.

පෙර ලිපිය“ඖෂධ හිඟය දරුණුයි: ඉන්දීය ණය නැතිනම් විනාශයි” – වෛද්‍ය චමල් සංජීව
ඊලග ලිපියයාපනයෙන් තවත් කොරෝනා රෝගීන් පහක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here