තමන් ජීවිත් වූ නිවස පෞද්ගලික ආයතනයකට සින්න වීමත්, ගෙවිය යුතු ණය සම්භාරයක් ඇති නිසාවෙන් නිට්ටඹුව – පින්නගොල්ල ප්රදේශයේ පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.
මෙම ඛේදනීය සිදුවීම අද (22) පෙරවරු 9.10ට පමණ සිදුව ඇති අතර එම පුද්ගලයා රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන ඇති බවයි අප ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
ගම්පහ හා දාරළුව අතර ප්රදේශයේ දී මෙම ඛේදනීය සිදුවීම සිදුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුතෙකු සහ දියණියක් සිටින පියෙක්.
දුම්රියෙහි ගැටීමෙන් එම පුද්ගලයාගේ හිස කඳෙන් වෙන් වී ඇති අතර, එම මළසිරුර ගැටුණු දුම්රියෙන් ම ගම්පහ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබුණා.
සියදිවි නසා ගැනීමට පෙර මියගිය පුද්ගලයා විසින් සිය බිරිඳට, දරු දෙදෙනාට හා මිතුරන් වෙත ලියූ ලිපියක් ද පොලිසිය ඔහුගේ මුදල් පසුම්බියෙහි තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ලිපියෙහි සඳහන් වන්නේ මෙවැන්නක්..,