උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට නොහැකියි යැයි පවසන විශ්වවිද්‍යාල ආචාර්යවරු සියලු දෙනා ම සේවයෙන් ඉවත් කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.
ඉකුත් 1983 කළු ජූලිය සමයේ වර්ජනය කළ සියලු දෙනා ම සේවයෙන් ඉවත් කළා සේ මේ පිරිස ද සේවයෙන් ඉවත් කරන්නැයි ඔහු කීය.
ඔවුන් වෙනුවට සුදුසුකම් ඇති වෙනත් පිරිසක් බඳවා ගැනීමට හැකියාව ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.
රජය යම් හෙයකින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට එක්වන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළ හොත් ඔවුන් ඒ සඳහා එක් වනු ඇති බව ද ඔහු කීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ලබා ගන්නා පිරිසක් යැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කළේ ය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලීම් කළ පමණින් ජනාධිපතිවරයා ඔවුන් හමු වන්නේ කුමකට ද යන්න ඔහු ප්‍රශ්න කළේ ය.