අරගලය පැවති සමයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කළ යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ‘ඉරිදා මව්බිම‘ට පැවසීය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ජනාධිපතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් දැනටමත් කර ඇති බවත් ජනාධිපතිවරයා ඒ සඳහා සාධනීය පිළිතුරක් ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් හෙතෙම කීය.
සාමකාමී අරගලය පිටුපස හිටියේ කවුද යන්න සෙවිය යුතු බව ත් මේ සඳහා මුදල් වියදම් කරමින් සහයෝගය ලබා දුන්නේ කවුද යන්න විමර්ශනය කළ යුතු බව ත් ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් ලියන ලද පොත්වල සඳහන් කරුණු සත්‍ය යැයි සම්පූර්ණයෙන් ම පිළිගත නොහැකි බව ද ඔහු පැවැසීය.
අරගලය සමයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව නිහඬව කටයුතු කළේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බව ත්, ඒවාට නියෝග ලබා දුන්නේ කවුරුන් ද යන්න සෙවිය යුතු බව ත් ඔහු සඳහන් කළේ ය.
රටේ ජනතාව කුපිත කරමින් රටේ සියලු කටයුතු අකර්මණ්‍ය කරන ලද මේ සමය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා බැලිය යුතු බව ත් එවැනි තත්ත්වයකට රට පත් කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමට පියවර ගත යුතු බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.