දිනේෂ් මුතුගල… නම කියූ සැනින් ඔබ ඔහුව හොඳින්ම හඳුනනවා. ඔහු ටියුෂන් ගුරුවරයෙක් විදිහට,
බොහෝම කතාබහට ලක්වන මුළු ලංකාවම දන්න චරිතයක්.
දිනේෂ් සර්ගේ ගොඩක් වීඩියෝ පට සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රියයි. ඒවට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි.
ඔහුගේ ෆේස්බුක් පිටුවෙ ලියවුණු හරි අපූරු සටහනක් ළඟ අපේ හිතත් නතර වුණා.
මේ සටහන දිනේෂ් සර්ගෙ ආදරණීය අම්මා ගැන…
අපේ අම්මා විශ්‍රාම යන්නේ අදයි..!
අද ඇයට වයස අවුරුදු හැටයි.
අම්මා වෘත්තියෙන් නැටුම් ගුරුවරියක්.
ඇයගේ මුළු ජීවිත කාලයෙන් වසර 38ක් ම ගෙවුනේ නර්තන ගුරුවරියක් විදියට.
ඇගෙන් නර්තනය ඉගෙනගත් ගෝල පරම්පරාව දහස් ගණනක්.
ඒ අය අතරින් නර්තන ගුරුවර ගුරුවරියන් ද බොහෝ ප්‍රමාණයක් ඉන්නවා.
කියන්න නම් දේවල් බොහොමයි. නමුත් ඒ දේවල් මෙහෙම පෝස්ට් එකකට ගොනුකරන්න අමාරුයි.
මීට, පුතා
දිනේෂ් මුතුගල