Home Local News Room : ගෑස් මිල පහළට? – මව්බිම

News Room : ගෑස් මිල පහළට? – මව්බිම

4
0

ඉන්ධන සහ භාණ්ඩවල මිල අඩු වූවා සේ ඉදිරියේදී ගෑස් මිල ද අඩු වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පවසයි.

සාගල රත්නායක මේ බව සඳහන් කළේ, අද (මැයි 1) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල අමතමිනි.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දැක්වූ රත්නායක මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිතුමා රට භාර ගත්තේ උද්ධමනය සියයට 70ක්ව පැවති රටක්. ගිය මාසයේ අග වන විට සියයට උද්ධමනය සියයට 50කට ගෙන ආවා. මේ වසරේ අග වන විට උද්ධමන අගය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහ කරනවා. බිංදුවට වැටී තිබූ විදෙස් සංචිතය දැන් අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක් දක්වා වැඩි වුණා. භාණ්ඩ මිලත් අඩු වෙමින් පවතිනවා. තෙල් මිල තවත් අඩු වුණා. තව ටික දවසකින් ගෑස් මිලත් තව අඩු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම් නිසා මෙවැනි ප්‍රතිලාභ රටට ජනතාවට ලැබෙන්න පටන් අරන් තිබෙනවා. මෙතැන් ඉදිරියට යන වැඩපිළිවෙළ ගැන තීන්දු කරන්න අවශ්‍යයි. සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ, කර්මාන්ත පුර ඇති කරන්නේ, ආයෝජකයන් ගෙන්වා ගන්නේ, පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්නේ, තොරතුරු තාක්ෂණය දියුණු කරලා රටේ ආර්ථිකයට ශක්තියක් ගන්නේ කෙසේ ද කියා සොයා බැලිය යුතුයි. එහෙම වුණොත් 2048 දී රටේ සංවර්ධන ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එම වැඩපිළිවෙළට නායකත්වය දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැක්මක්, දර්ශනයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු ම දෙනා එකතු වෙලා වැඩ කරමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here