Home Gossip News Room : “මම නිසා පවුල කැඩුණේ නැහැ. ඒක බොරුවක්. එයාට බැහැ...

News Room : “මම නිසා පවුල කැඩුණේ නැහැ. ඒක බොරුවක්. එයාට බැහැ කොටට ඇඳලා ටැටූ කරලා ඉන්න එයා වෙන තරුණයෙක් එක්ක දැන් ලිවින්ටු ගෙදර් ඉන්නවා” – රහල් අල්විස් හංඟන් හිටපු රහස..

3
0

රහල් අල්විස් මේ නමට, රූපයට හා කටහඬට ආදරේ කරන රසිකයන් ඉන්නවා.

නමුත් ඔහු වසර ගණනාවක් දකින්න ලැබෙන්නේ නැහැ , ආයෙමත් කතාබහට ලක් වෙන්නේ ඔහුගේ විවාහයත් එක්ක.

රහල් කාලයක් හැංගීලා ඉඳලා ආයෙමත් කරළියට ආවේ විවාහයත් එක්ක, තිබ්බ ප්‍රසිද්ධියත් එක්ක විවාහයට බාධා එයි කියලද එකපාරටම විවාහ වුණේ?

ඇත්තටම ඔව්. මම යළිත් පේන්න කතා කරන මට්ටමට එන්නේ විවාහයත් එක්ක තමයි. අවුරුදු තුනක් තිස්සේ රහල් අල්විස් කියන ගායකයා මම විසින්ම හංගලා තිබ්බා. යම් යම් හේතු මත නිහඬව ඉන්න ඕන කියලා හිතුවා. ඊට පස්සේ මම කල්පනා කළා ඉදිරියේ දි මම කාර්යබහුල වෙනවා. ඒ නිසා හැමදේටම උදව් කරන කෙනෙක් ජීවිතේට එකතු කර ගන්න ඕන කියලා. ඒ විදිහට තමයි මම විවාහ දිවියට ඇතුළත් වෙන්නේ. තිබ්බ ප්‍රසිද්ධිය විවාහ වෙන කාලේ තිබ්බේ නැහැ , මම හැංගිලා හිටිය නිසා රහල්ව අමතක වෙලා තිබ්බා කියලා හිතනවා. විවාහ වෙන්න ඕන කියලා දැනුන නිසා විවාහ වුණා. කාටවත් බයේ එකපාරටම විවාහ වුණේ නැහැ

ඔබට තියෙන ප්‍රසිද්ධියත් එක්ක ඔබ තරුණියන් රැවැට්ටුවා කියලත් විවාහයත් එක්කම රාවයක් පැතිරුණා?

ඒ කතාවේ ඇත්ත මේකයි. එයා තරුණියක් නෙමෙයි. දරුවෝ ඉන්න ලස්සන විවාහ ජීවිතයක් ගත කරපු මුස්ලිම් කාන්තාවක්. එයාගේ ආගම අනූව එයාට බැහැ කොටට ඇදලා ටැටූ කරලා ඉන්න. ඉතිං එයාට ඒ වගේ ලයිෆ් එකක් ඕන නිසා එයා වෙන තරුණයෙක් එක්ක දැන් ලිවින්ටු ගෙදර් ඉන්නවා විවාහ ජීවිතෙන් ඈත් වෙලා. මම නිසා පවුල කැඩුණේ නැහැ. ඒක බොරුවක්. අපි දෙන්නගේ සම්බන්ධය ඇති වෙන්නේ ව්‍යාපාරයක් විදිහට. ඒක ව්‍යාපාරයක් කරා ශෙයාර් කරගෙන . ඒ කාලේ එයා මගේ හොඳ යාළුවෙක්. එක එක හේතු මත මම හිතුවා සැලෝන් එකක් ඕපන් කරන්න ඕන කියලා. මම ඒක පටන් ගත්තා. ඒකට එයාට ඇති වෙච්ච තරහා තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ.

ඒ වගේ කතා හැදෙනකොට ඔබට දුකක් ඇති වුණේ නැද්ද ඔබේ මාපියන් අහිංසකයි. ඔවුන් කම්පා වුණා ද..?

අනේ නැහැ. මගේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ මාත් එක්ක. මම ගැන එයාලා හොඳින් දන්නවා. මට දුකක් ඇති වෙද්දී එයාලා තමයි මගේ හිත හැදුවේ. ලෝකය ඇත්ත දන්නේ නැහැ. ඒ නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියයි. ඔයා ඔයාගේ ගමන යන්න කියලා.

කලාව ප්‍රසිද්ධිය ගැන කිසිවක් නොදන්න ඔබේ බිරිය ඔබව පිළිගත්තේ කොහොමද ..?

එයා මගේ සිංදු අහලා තිබුණාට, ඒ රහල් කියලා නමවත් රූපයවත් දැනගෙන හිටියේ නැහැ. මේක යෝජිත විවාහයක්. ඒකට මම කැමති වෙන්න ප්‍රධාන හේතුව එයා මම ගැන නොදැන හිටපු එක කිව්වොත් හරි. ඒ කියන්නේ එයා මගේ රසිකාවියක් නෙමෙයි. ඒ නිසා මම කැමති වුණා. එයත් මාව පිළිගත්තා.

ඇය නිහඬ චරිතයක්. ඉංජිනේරුවරියක්. ඔබ නිසා ඇය මනසින් වැටුණු අවස්ථා තිබුණද..?

මම ටිකක් අමුතු චරිතයක්. ඒ නිසා එයා මනසින් වැටිලා ඉන්න අවස්ථා මම දැකලා තියෙනවා. ඒ අවස්ථාවල දී මම එයාට තේරුම් කරලා දෙනවා. යම් යම් දේවල් ගැන එයත් මට තේරුම් කරන අවස්ථා තියෙනවා. ඒවත් තේරුම් අරන් නොගැළපීම් ගැළපිම් කරගෙන මේ ජීවිතේ සුන්දර විදිහට ගත කරනවා.

විවාහ යෝජනාව කරද්දී ඔබ ප්‍රසිද්ධ ගායකයෙක් බව ඇය නොදැන හිටියලු නේද, ඒ කතාව බොරුවක් වෙන්න බැරිද ..?

ඒ කතාව ඇත්ත. මොකද මම එයාව බලන්න ගිය දවසේ කතා කරද්දී තේරුණා එයා මාව දන්නේ නැහැ අඳුරගත්තේ නැහැ කියලා. මම රහල් අල්විස් සැලෝන් එකක් කරනවා. මම සිංදු කියලා තියෙනවා කිව්වා. එතකොට ආ ඇත්ත ද කියලා එයා මගේ නම සර්ච් කරලා බැලුවා. එතකොට තමයි එයා දන්නේ ඒ සිංදුවල හිමි කාරයා මම කියලා. මගේ සිංදු වැඩිපුර ඇහෙනවා රේඩියෝ වලින්. එයාට සිංදු මතකයි. නමුත් ඒ මම කියලා දන්නේ නැහැ.

පවුල් දෙකක හැදුණු ඔබත් ඇයත් හිත් ගළප ගත්තේ කොහොමද ..?

පවුල් දෙකක් වගේම හැදුණු වැඩුණු පරිසරයත් වෙනස්. මම ෂෝෂල් කෙනෙක්. එයා එහෙම නැහැ. ජොබ් දෙකක් උගත්කම වෙනස්. මම ඕනම මනුස්සයෙක් ආශ්‍රය කරන කතාබහ කරලා ජීවත් වෙන කෙනෙක්. ඒක එයා තේරුම් ගත්තා. දැන් නම් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වගේ තමයි වැඩකටයුතු කරගෙන යන්නෙ. ඒ අවබෝධය එයාට හොඳින් තියෙනවා. දැන් මට හිතෙනවා මම හරිම කෙනා තෝරා ගත්තා කියලා.

ඔබේ හැඩයට ඇගේ අහිංසක ජීවිතේ නොගැළපෙන බව කියපු අයත් ඇති..?

සමහර අය එහෙමත් කිව්වා. නමුත් මම ඒ සරලකම ඇතුළේ ආර්ට් එකක් දැක්කා. මම විලාසිතා කරද්දී උපරිමයෙන් කරන කෙනෙක්. එහෙන් මෙහෙන් කෑලි එල්ලගෙන ටැටූ ගහලා ඉන්න කෙනෙක්. ඒත් එයා එහෙම නැහැ. එයා අඩු තරමින් චේන් එකක්වත් දාන කෙනෙක් නෙමෙයි. මගේ ළඟට ආව කෙනාමයි තවම. රහල් අල්විස්ගේ වයිෆ් මම ඒ නිසා මම එයාට ගැළපෙන විදිහට අඳින්න පලදින්න ඕන කියලා හැඩ ගැහෙන්න, රහල්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕන කියලා එයා හිතන්නේ නැහැ. එයා එයාමයි. මම ගායකයෙක් කියලා එයා සමාජය ඉදිරියේ මේන්ටේන් කරන්නේ නැහැ එයාගේ ජීවිතේ. මම ඒකට ආසයි.

ඉස්සර කෙළිලොල් ජීවිතයක් ගත කරපු රහල් බිරියගේ හමුවීමත් එක්ක තැම්පත් වෙලාද ..?

මම කෙළිලොල් ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි. 2019 වර්ෂය වෙනකල් මට ආර්ථික ප්‍රශ්න තිබ්බේ නැහැ. නමුත් මම 2019 දී පසු බෑමකට ලක් වෙනවා.

ඊට පස්සේ මම නැඟිටින්න ඕන කියලා හිතලා සියල්ල පැත්තකින් තියලා ආර්ථිකය ශක්තිමත් කර ගන්න උත්සාහ කරනවා.

විවාහය එක්ක වෙනස් වුණේ නැහැ. එයා දැන් මාත් එක්ක වැඩිපුර ගමන් බිමන් යනවා. කෑකෝ ගහලා විනෝදෙන් ජීවත් වෙනවා. ඒකට එයා නීතී දාන්නේ නැහැ.

දැන් ඔබේ ගීත ඈ රස විදිනවද ..?

ඔව්. දැන් එයා මගේ හොඳ රසිකාවියක්. මම දැන් ගීත කිහිපයක් කරලා තියෙනවා. තවම ඒවා එයාටවත් අහන්න දුන්නේ නැහැ. අනේ මට අහන්න දෙන්න කියලා රණ්ඩු කරනවා.

විවාහයත් එක්ක තරුණියන්ගේ ආකර්ෂණය අඩු වෙලාද ?

ආකර්ෂණයක් කවදත් තිබ්බේ නැහැ. තිබුණේ ආදරයක්. ඒ ආදරේ අඩු වැඩි වෙලා නැහැ. කොහේ දැක්කත් කවුරුත් කියන්නේ අයියේ අපි ඔයාට ආදරෙයි කියලා මිසක් ආසයි කියලා කියන්නේ නැහැ . ඒ ආදරේ වටිනවා. ඒ ආදරේට වයසක්, ලිංග භේදයක් නැහැ

ඔබට නෑකම් නොකියන කිහිප දෙනෙකු නිවසේ තබාගෙන සලකන්නේ කතාබහට ලක් වීමේ අරමුණින් ද..?

ඒක දකින කෙනා තමයි තීරණය කරන්නේ. ඒ කෝණය අනුව හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම දන්න කාලේ ඉඳලා අපේ ගෙදරට ආව ගිය අය ඉන්නවා. මම හිතන්නේ මට දවසක හැමදේම නැති වුණොත් එදාට මම කොච්චර අසරණ වෙයිද කියලයි. ඒ නිසා මට පුළුවන් විදිහට කාට හෝ ජීවිතයක් දෙනවා හැකි අයුරින්. ඒක මගේ ස්ටයිල් එක.

අලුත් නිර්මාණ ගැනත් කියමු..?

2019 අවුරුද්දේ මම නතර කරපු තැනින් ආයෙමත් පටන් ගන්නවා. 2023 දී මම අලුත් ගීත දෙකක් කරනවා. රහල් ප්‍රඩක්ෂන් එකෙන්. මගේ නිර්මාණ මමමයි කරන්නේ. අවුරුදු තුනකට පස්සේ මගේ ගීත ආයෙමත් අහන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here