යුක්රේනය ඩ්‍රෝන යානා භාවිත කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමට උත්සහ කරන බවට රුසියාව සිදු කර ඇති ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, “අපි පුටින්ට හෝ මොස්කව්වලට පහර දෙන්නේ නැහැ. අපි අපේ භූමියේ සටන් කරනවා. අපි අපේ ගම් සහ නගර ආරක්ෂා කරනවා,” යනුවෙන් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති බව ය.
යුක්රේනය ක්‍රෙම්ලිනයේ පුටින්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කර ඇති බව ත් එය සැලසුම් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සහයක් බව ත් රුසියානු ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
ක්‍රෙම්ලිනය ඉලක්ක කර ගෙන එල්ල කළ මෙම ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙක විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගි කර ගනිමින් බිම හෙලූ බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බව කියන අවස්ථාවේදී ජනාධිපති පුටින් එම සංකීර්ණයේ නොසිටි බව ද එම බලධාරීන් ප්‍රකාශ කර ඇත.
අදාළ ප්‍රහාරක ඩ්‍රෝන යානාවල කොටස් ක්‍රෙම්ලිනයේ අවට ප්රදේශවලෙ වැටී ඇති නමුත් එම සුන්බුන් හේතුවෙන් කිසිදු ගොඩනැගිල්ලටකට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.