පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්
අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමැතිවරුන් පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, කවුරු පත් කළත් පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බවත් දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හැටන් නගරයේ පෙරේදා (07) පැවති කම්කරු ජාතික සංගමයේ සහ කම්කරු ජාතික පෙරමුණේ පක්ෂ සාමාජිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.
“මේ වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කරන්නේ නෑ. 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට පසුබිම සකස් කරමින් සිටිනවා. එසේ ජනාධිපතිවරණය පැවැත්වුවොත් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරා පත් කර ගන්නේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතායි.” මේ රැස්වීමට දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. උදයකුමාර් මහතා ද සහභාගි විය.
හැටන් – රංජිත් රාජපක්ෂ