Home Politics News Room : ජනක වෙනුවෙන් අප පෙනී සිටින්නේ නෑ

News Room : ජනක වෙනුවෙන් අප පෙනී සිටින්නේ නෑ

4
0

ගෝඨාභය මහතා ජනාධිපතිවරයා ලෙස පත් වන විටදී මහජන උපයෝගිතා කොමිසම සඳහා පත් කරන ලද හිටපු සභාපතිවරයාව තර්ජනාත්මකව ඉවත් කර ආන්දෝලනයට ලක්ව ඇති වත්මන් සභාපතිවරයාව පත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. මහජන උපයෝගිතා කොමිසමේ වත්මන් සභාපති ජනක රත්නායක මහතා වෙනුවෙන් මේ අවස්ථාවේදී තමා පෙනී නොසිටින බවත් නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි අවස්ථා තිබෙන බවත් ඒ මහතා පැවැසුවේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ගෝඨාභය මහතා රට පාලනය කරන කාලයේදී ජනක රත්නායක මහතා මොන දේ කළත් එය නිවැරදි බව කීමට ආණ්ඩුවේ නියෝජිතයන් කටයුතු කළ බවත් දැන් ඔහු වැරදිකාරයකු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු කීය.

නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here