Home Politics News Room : පුංචි ඡන්දය ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් රට පුරා

News Room : පුංචි ඡන්දය ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් රට පුරා

5
0

පළාත් පාලන මැතිවරණය ලබාදෙන ලෙස ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මේ මස 08 වැනි දින පස්වරුවේ රාජගිරියේදී ඡන්ද පැවැත්වීමට මැතිවරණ කොමිසමට මැදිහත් වන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වන බව ද ප්‍රධාන ලේකම්වරයා කීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.සමඟි ජන බලවේගය මේ වන විට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබෙන බවද සඳහන් කළ ටිල්වින් සිල්වා මහතා එහි සාමාජිකයන් ආණ්ඩුවට යෑමට උත්සාහ කරන බවද කීය.

ජාතික, ආගමික ගැටුම් අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ආගමික නායකයන්ට රිදවීම, ජනතාවගේ ආගමික විශ්වාස විවේචනය කිරීම සමාජයක යහ පැවැත්මට අහිතකර ලෙස බලපාන බවද සඳහන් කළේය. එවැනි ප්‍රකාශයන්ට රැඩිකල් යැයි ප්‍රකාශ කළ නොහැකි බවද ලේකම්වරයා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here