Home Local News Room : දස හැවිරිදි පාසල් දරුවෙක් නිවසේ වැසිකිළියේදී ‘සියදිවි නසා ගෙන’

News Room : දස හැවිරිදි පාසල් දරුවෙක් නිවසේ වැසිකිළියේදී ‘සියදිවි නසා ගෙන’

2
0

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිළිය තුළදී සිය දිවි හානි කර ගෙන ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.

එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මේ බව පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ, බගවන්තලාව ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකි.

නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති ඔහු වැසිකිළිය වෙත ගොස් සිය දිවි හානි කරගෙන ඇති බවට සැක කරන බව පොලිසිය පැවසීය.

මියගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු වැඩිදුර පරීක්ෂණය පවත්වන බව ත් බගවන්තලාව පොලිසිය වැඩිදුර ත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here