Home Local News Room : පාස්කු ප්‍රහාරය: ‘රාජකාරී පැහැර හැරි’ බුද්ධි අංශ පොලිස් සැරයන්...

News Room : පාස්කු ප්‍රහාරය: ‘රාජකාරී පැහැර හැරි’ බුද්ධි අංශ පොලිස් සැරයන් ගෙදර යවයි

2
0

2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ රාජකාරී ඉටුකිරීම පැහැර හැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

එහි සඳහන් කර තිබුණේ, පොලිස්පතිවරයාගේ නියමය පරිදි අදාළ තීරණය ගෙන ඇති බව ය.

එම නිලධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබේ.

මුල් අවස්ථාවේදී ම එම පොලිස් නිලධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරට ත් පැවසීය.

ඒ අනුව, ජූනි 14 වන දා අදාළ සැරයන්වරයා සේවයෙන් පහ කරමින් පොලිස් මූලස්ථානය මගින් අදාළ නියෝග නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි එම කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here