ශ්‍රී ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියැවෙන මල්වතු ඔය ආශ්රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය සහ සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබා දී තිබේ.
අගමැති දිනේෂ් ගුණවර්ධන සහ සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.
මෙම ප්‍රදේශ ආශ්‍රිතව යළි ගවේෂණය කොට පුරාවිද්‍යා නටබුන් සහ සංරක්ෂණය කළයුතු ස්ථාන හඳුනා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීන්දු කර තිබෙන බව ත්, ඒ අනුව ඉදිරියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය මේ කටයුතු ආරම්භ කරනු ඇති බවත් ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
තිරියාය විහාරස්ථානය අසල තිබූ වරාය, ඒ අවට ඇති ජනාවාස සහ තිරියායේ සිට හොරොව්පතාන දක්වා පැවැති ජල හා භූමි මාර්ගය පිළිබඳ සවිස්තරාත්මක ගවේෂණයක් මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.
කෝට්ටේ රාජධානියේ නටබුන් යළි ගවේෂණය කරන ලෙස ඉල්ලා ඇතත් එය කළ නොහැකිව ඇත්තේ එම භූමිය මේ වනවිටත් දැඩි ජනාවාසකරණයකට ලක්වීම නිසා බව ද ඔහු කීවේය.