Home Local News Room : සා/පෙළ සහ 5 ශිෂ්‍යත්වය අහෝසියි?

News Room : සා/පෙළ සහ 5 ශිෂ්‍යත්වය අහෝසියි?

0
0

ඉදිරියේදී සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා 5 වන ශ්‍රේණිය ‘ශිෂ්‍යත්ව විභාග’ අහෝසි කර වෙනත් විභාග ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, අදාළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවේ සහ එම කමිටුවට සහය වීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ අවධානය යොමුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අමාත්‍ය කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර එහි පළමු සාකච්ඡාව පසුගිය 14 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා වසර 13ක කාලයක් ළමයින් පාසල් අධ්‍යාපනයේ රඳවා තබාගැනීම පිළිබඳව විශේෂඥ කමිටුවේ අවධානයට යොමුකර ඇති අතර සාමාන්‍ය පෙළ හා 5 වන ශ්‍රේණිය විභාගවල අවශ්‍යතාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ද සඳහන් කර ඇත.

එමෙන් ම, මෙම විශේෂඥ කමිටුව මෙරට අධ්‍යාපනය ක්ෂේත්‍ර 5ක් ඔස්සේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් වාර්තාවක් ඉදිරියේදී අමාත්‍ය කමිටුවේ සභාපති වන ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත ය.

එහිදී පූර්ව ළමාවිය හා පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිත බව ද එම කමිටුවට සමීප ආරංචි මාර්ග ‘ඉරිදා මව්බිම’ට අනාවරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here